මයිකල් ජැක්සන්ගේ ගීත වෙන්දේසි කරයි
පොප් ගී ලොව කිරුළ දැරූ මයිකල් ජැක්සන් මෙලොවින් සමුගෙන වසර 8ක් ගත වූ බව විදෙස් මාධ්‍ය නැවත මතක් කර දෙනු ලබනවා. ඔහු ගැයූ ගීත කිහිපයක් සහ මෙතෙක් රසික පිරිස් නොඇසූ ගීත 12ක් ඇතුළත් තැටියක් පසුගිය සතියේ ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට කටයුතු සංවිධානය කර තිබුණා.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී වෙන්දේසි කරනු ලැබූ මෙම ගීත එකතුවේ අවම ලංසුව මිලකර ඇත්තේ ඩොලර් 50,000 ට බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ‘%බයිබල්’ යනුවෙන් නම්කර ඇති මේ ගීත එකතුවෙහි ඇතුළත් වන සෑම ගීතයක්ම හොඳ තත්ත්වයක පවතින බවද සඳහන් කරයි. මයිකල්ගේ පෞද්ගලික සහකාරවරයකු ලෙස දීර්ඝ කාලයක් සේවය කළ අයෙකු පවසා තිබුණේ, මෙම වෙන්දේසියට මයිකල් භාවිත කළ භාණ්ඩ කිහිපයක් සහ ඔහු විසින් සිතුවම් කරන ලද චිත්‍රයක්ද ඇතුළත් වූ බවයි.