මම සුපිරි තරුවක් වෙනවා නම් ඒක සුදුසු කාලයේදී සිදුවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-16-ent-166

පසුගිය කාලයේ තම දියණිය වූ සුහානා හේතුවෙන්ද, තම වැඩිමහල් පුතු වූ ආර්යන් හේතුවෙන්ද දැඩි කතාබහකට ලක්වූ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්, තම සිනමා ගමනේ සාර්ථකත්වය පිළිබඳ ෆිල්ම්ෆෙයාර් සඟරාව සමගින් අපූරු කතාබහක නිරත විය. මේ ඒ ඇසුරින් තබන සටහනකි.

 

ඔබේ හොඳම රංගනය නිරූපණයේ වුණේ 'කබි කුෂි කබි ගාම්' චිත්‍රපටයෙදි ?

2017-03-16-ent-165කරන් ජොහාර් සහ ආදිත්‍ය චොප්රා මට හුඟක් ආදරෙයි.ඔවුන් චිත්‍රපටයක් රචනා කරද්දි මං ගැන හුඟක් හිතනවා.කොහොමත් %කබි කුෂි කබි ගාම්^ චිත්‍රපටය ගැන ලියද්දි මට ඒ ගැන ඔවුන්ගෙන් අහන්න උවමනා වුණේ නැහැ.ඒත් මම දැනන් හිටියා මගේ චරිතේ ඇතුළේ හුඟක් ආදරේ තියෙනවා කියලා.ඒ නිසා කරන් සහ ආදිත්‍ය ඔවුන්ගේ අවසන් ප්‍රතිඵලය ගැන දෙපාරක් හිතුවේ නැහැ.මම දන්නවා ඔවුන් චිත්‍රපට නිර්මාණය කරන්නේ ඔවුන් වෙනුවෙන් පමණක් කියලා.ඒත් ඒ වගේම ඔවුන් චරිත නිර්මාණය කරන්නේත් මටම පමණයි.ඒ නිසා මගේ හොඳම රංගනය දැක්කේ %කබි කුෂි කබි ගාම්^

චිත්‍රපටයේදිකියලයිමගේසමහරයාළුවොත්කිව්වෙත්.ඒත්මමඒචිත්‍රපටයේකටයුතුකළේසෑහෙන්නආතතියකින්.ඒත්අවසානයේදීමගේදායකත්වයදැක්කමසතුටුහිතුණා.හැබැයි අනිල් කපූර් නම් දවසක්මට කිව්වේ 'කබි කුෂි කබි ගාම්' චිත්‍රපටයෙන් මම තව අවුරුදු 10ක ස්ථාවරත්වයක් ගොඩනගාගත්තා කියලයි. ඒත් කවුද ඒක හරියටම දන්නේ? ඒක සාපේක්ෂයි.

 

චොප්රා සහ කරන් ජොහාර්ද ඒ සාර්ථකත්වය පිටිපස්සේඉන්නේ?

නළුවෙක් විදිහට මගේ දක්ෂතාව ගැන ආදි සහ කරන්ට හොඳ තක්සේරුවක් තියෙනවා. මම ඔවුන් විශ්වාස කරනවා.ඔවුනුත් මාව විශ්වාස කරනවා.අනික මම කොහොමත් චරිතයක් බාරගත්තම ඒ වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවා. වාණිජමය සාර්ථකත්වය ගැනත් හිතනවා.මොකද මම තරුවක්.හැබැයි සුපිරි තරුවක් කළේ ආදි සහ කරන්.ඒ ගැන මම ඔවුන්ට ස්තුති කළ යුතුමයි.විශේෂයෙන්ම යෂ් චොප්රා,අබ්බාස්-මුස්තාන් සහ රාකේෂ් රෝෂන්ටත් ස්තුති කළ යුතුමයි.

 

සුපිරි තරුවක් වීම කොහොමද දැනුණේ ?

විශාල අපහසුතාවකට ලක්වුණා.මොකද මේ තත්ත්වය ලබාගන්න ලේසි නැහැ.ඒ නිසා තාමත් මම සුපිරි තරුවක් නෙමෙයි කියලයි රසිකයන්ට කියන්නේ.ඒත් මම පහුගිය අවුරුදු දහය ඇතුළතදීම තරුවක් වුණු බව ඇත්ත.ඒ ගැන ආඩම්බරයක් තියෙනවා.හැබැයි හරි දෙයක්ම කරනවා යන විශ්වාසය තමයි හුඟක්ම වැදගත්වෙන්නේ.අනික මට වඩා දක්ෂ නළුවො ඉන්නවා.

 

ඒ කියන්නේ ඔබ තාමත් සුපිරි තරුවක් නෙමෙයි ?

මට එක් අවස්ථාවක කෙනෙක් කිව්වා අපි සුපිරි තරු තුනක් එක්ක එක්තරා නිෂ්පාදනයකට අත්සන් කරන්න යනවා කියලා.අනික් සුපිරි තරු දෙක සචින් තෙන්ඩුල්කාර් සහ කරීනා කපූර් කියලත් කිව්වා.ඒත් කරීනා සහ සචින් කියන්නේ සුපිරි තරු ද්විත්වයක් කියලා මම දැනගෙන හිටියා. ඒත් මම ඔවුන් වගේ සුපිරි තරුවක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ.හැබැයි මට අමිත්ජී (අමිතාබ් බච්චන්) වගේ වෙන්න හැම වෙලාවකම ඕනෑ වුණා.ඒත් මම අනික් චිත්‍රපට නළුවන්ගේ චිත්‍රපටත් නරඹලා තියෙනවා.ඔවුන්ගේ ආභාසයත් තියෙනවා.ඒත් මම කවදාවත් මගේ චිත්‍රපටයක් බලලා නැහැ.මොකද මට ඕනේ ෂාරුක් ඛාන් වෙන්න.ඒ නිසා මම සුපිරි තරුවක් වෙනවා නම් ඒක සුදුසු කාලයේදී සිදුවෙයි.

 

හැමවෙලාවකම හරි දේ කරන්න උත්සාහ කරනවා කිව්වේ මොන අදහසකින්ද ?

මම හැමදෙයක්ම කරන්නේ මගේ හදවතින්.මම නළු නිළියන් හමුවෙනවා.ඔවුන්ගේ අදහස් සමග ගැටෙනවා.ඒත් ඒ සෑම අවස්ථාවකම ඔවුන් ඒ සොඳුරු දර්ශනය දූෂණය කරනවා.එක්කෝ ඝාතනය කරනවා.ඒත් මට ඕනි ඒ අවස්ථාව විවාහ කරගන්න.මම හිතන්නේ මම රඟපෑමෙන් අනික් අයට වඩා විශාල ආස්වාදයක් ලබනවා.ඒ රංගනය ඉදිරිපත් කිරීමෙන් අනික් නළු නිළියන්ටත් වඩා ආස්වාදයක් ලබනවා.අනික මම එය පෙන්නුම් කරන්නේ කිසිම රෝගී හැඟීමකින් නැතුව. ඒ නිසා මට එතැනදි ඒ හැඟීමත් එක්ක කිසිම තරගයක් නැහැ.අනික මම කිසිම හේතුවක් නැතුවත් රඟපානවා.එයින් ආස්වාදයක් ලබනවා.මම කැමැතියි එයින් කෙනෙක් ලස්සන වෙනවට.එහෙම නැත්නම් දුක් වෙනවට හෝ හැඟීම්බර වෙනවට.ඒත් එය එතරම් පහසු කටයුත්තක් නෙමෙයි.

 

'කබි කුෂි කබි ගාම්' රංගනය ඔබට කොහොමද වැදගත්වෙන්නේ ?

වාණිජමය වශයෙන් ගත්තාම මගේ රංගනය සාර්ථක වීම චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ පැත්තෙන් වැදගත්.ඒත් මම දැන් මගේ සාර්ථකත්වය මනින්නේ වෙනස්ම මිනුම් දණ්ඩකින්.මොකද මට අනුව %අශෝක්^ චිත්‍රපටයේ රංගනය සාර්ථකයි.අශෝකගේ චරිතයේ චරිත ලක්ෂණ වගේම ඒ රංගනය ඉදිරිපත් කළා.එය වෙනස්ම චරිතයක් මට.

 

ඒත් වාණිජමය වශයෙන් ගත්තම 'අශෝක්' අසාර්ථකයි?

අපි ඒ චිත්‍රපටය තරමක් අඩු මුදලකට අලෙවි කළේ.ඒත් අපි මුදල් උපයාගත්තා.අපේ ඉලක්කය සම්පූර්ණ කරගත්තා.අපට ඒ ඇති.මොකද අපි දැනගෙන හිටියා 'අශෝක්' කියන්නේවෙනස්ම චිත්‍රපටයක් කියලා.

 

මුදල් කොහොමද ඔබට වැදගත්වෙන්නේ ?

කාටවත් බෑ මාව නළුවෙක් විදිහට මිලදීගන්න.ඒත් මම නිෂ්පාදනයක් හෝ වෙළෙඳ භාණ්ඩයක් ලෙස අලෙවි වේවි.ඒත් මම කවදාවත් මුදල් නිසා චිත්‍රපට බාර ගත්තේ නැහැ.බාර ගන්නෙත් නැහැ.හැබැයි මම රූපවාහිනී වැඩසටහන්, වෙළෙඳ දැන්වීම් හෝ මංගල උත්සවවලට නර්තනයෙන් දායකවෙනවා වෙන්න පුළුවන්.ඒත් ඒ මුදල් වෙනුවෙන් නෙමෙයි.ඒ නිසා තමයි මම මුදල් වෙනුවෙන්වත් චිත්‍රපට නිෂ්පාදනය නොකරන්නේ. %අශෝක්^ චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය සීමාව ඉක්මවා ගියා තමයි.මම එය දැනගෙන හිටියා.ඒත් අවසන් ප්‍රතිඵලය දැක්කම මම තෘප්තිමත්.ඒ නිසා මම මුදලට වඩා විශ්වාස කරන්නේ මගේ ආත්ම තෘප්තිය.ඒ බව බොලිවුඩ් ව්‍යාපාරිකයොත් පැහැදිලිවම වටහාගත යුතුයි.මොකද මම ඉන්දියාවේ අසාර්ථකම චිත්‍රපට නිෂ්පාදකයා වෙන්න පුළුවන්. ඒක මට ගැටලුවක් නෙමෙයි. ඒත් අදක්ෂම චිත්‍රපට නිෂ්පාදකවරයා වෙන්න මට කවදාවත්ම බැහැ.උදාහරණයකට මම නිෂ්පාදනය කළ %අශෝක්^ සහ %ෆිර්බි දිල් හේ හින්දුස්ථානි^ චිත්‍රපට දෙකම ගැන පසුතැවීමක් නැහැ.මොකද මම ඒ චිත්‍රපට නිෂ්පාදනය කළේ මගේ විශ්වාසය මත පදනම් වෙලා.ඒ නිසා මට හිතෙන විදිහට මම හුඟක් මුරණ්ඩු නිෂ්පාදකවරයෙක්. ගුරුහරුකම් ලබාදෙන අසාර්ථකත්වයටයි මම කැමති.

 

2002 වසරේ ජනවාරි මැද භාගයේදී ඔබ විවේකයක් ගත්තා.ඇයි ඒ ?

මම පහුගිය අවුරුදු තිහේදීම ප්‍රමාණවත් තරම් වැඩ කළා.ඒ නිසා මට ඕනෑ කළා තරමක් සැහැල්ලු වෙන්න. ඒත් මම %කබි කුෂි කබි ගාම්^ චිත්‍රපට‍ය අසාර්ථක වෙලා විවේකයක් ගත්තා නම් රසිකයෝ කියන්න තිබුණා මම සිනමාවෙන් ඉවත් වුණා කියලා. එවැනි අවදානමක් එදාතිබුණා. ඒත් මම 2001 වසරේ දෙසැම්බර් මාසේ විවේකය සඳහා අවශ්‍ය සියලු කටයුතුවලටසූදානම් වුණා.මට ඕනෑ කළා පවුල එක්ක වැඩි කාලයක් ගත කරන්න. හැබැයි විවේකය කියන්නේ පවුල සමග කාලය ගත කරන්න හදාගත්තු නිදහසට කාරණාවක් නෙමෙයි.ඒත් මට දැනුණා මගේ දරුවෝ දෙන්නා ගැන.ඔවුන් එක්ක සෙල්ලම් කරලා රූපණයටත් වඩා සතුටක් මම ලැබුවා.අනික ආර්යන් දැන් මම වගේ.ඒ නිසා මට දැනුණා ආර්යයන්ට ඔහුගේ දෙමාපියන් අවශ්‍ය බව. මොකද මම දන්නවා මට කොච්චර මගේ දෙමාපියන්ව අවශ්‍යද කියලා.ඒත් මම ඒ කාලෙදි චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ නළුවෙකු තුළ තිබිය යුතු නිර්මාණාත්මක දෘෂ්ටිය ගැනත් හැදෑරීම් කළා.

 

ඔබ ද්විලිංගිකයෙක්ද කියලා එක්තරා රූපවාහිනී වැඩසටහනකදි ඔබෙන් ඇසුවා. ඔබ ඒ මොහොතේ අපහසුතාවට පත්වුණා නේද ?

නැහැ. මම අපහසුතාවට පත්වුණේ නැහැ.මම පුදුම වුණා.ඇයි එවැනි ප්‍රශ්නයක් මගෙන් ඇහුවේ කියලයි මම කල්පනා කළේ. අනික ප්‍රශ්නෙකට පිළිතුරක් දෙන්න නොහැකි වුණා කියලා මම පහුවෙනිදට ඒ වෙනුවෙන් සම්මුඛ සාකච්ඡා ලබාදෙන්නේ නැහැ. හැබැයි සමහර විට වීර් සැන්ග්විට අවශ්‍ය කළේ මගෙන් පිළිතුරක් ලබාගැනීම වෙන්න ඇති. ඔහුත් කියවපු ඕපදූපයක් වෙන්න ඇති.මොකද අපට(මට, කරන් සහ ආදිට) එවැනි කටකතා නිර්මාණය වෙනවා. ඒ නිසා කටකතා නිර්මාණය නොකර එවැනි ද්විලිංගික කාරණා ගැන මගෙන්ම කෙළින්ම විමසන්න.

 

මාලන් විදානපතිරණ