"මම බොලිවුඩ් සිනමාවට යන්නේ නැත්තේ, බය නිසා" - සුරූපි ඉන්දිය නිළි සමන්තා කියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සමන්තා කියලා කියන්නේ දමිළ සහ තෙළිගු සිනමාවේ ජනප්‍රිය මෙන්ම සුරූපි නිළියක විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. විවාහයෙන් පසුව බොහෝ නිළියන් රංගන දිවියට සමු දුන්න ද සමන්තා විවාහයෙන් අනතුරුව වුණත් බොහෝ චිත්‍රපටි ප්‍රමාණයකට දායකත්ව ලබා දුන්නා.

කෙසේ වෙතත් ඇය මේ දක්වා කිසිදු බොලිවුඩ් චිත්‍රපටයකට රංගනයෙන් දායකත්වය ලබා දුන්නේ නැහැ.
 
මේ සම්බන්ධයෙන් එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී ඇය කියා තිබුණේ, තමන් එම ක්ෂේත්‍රයට පිවිසිම සම්බන්ධයෙන් බිය වන බවයි.
 
මෙම ක්ෂේත්‍රයේ බොහෝ නිළියන් අතිදක්ෂයින් වීම ඊට හේතුව බවයි ඇය එහිදී අවධාරණය කළේ.
 
කෙසේ වෙතත්, රන්බීර් කපුර් සමඟ රංගනයේ යෙදීමට අවස්ථාවක් ලැබුණොත් භාර ගැනීම සම්බන්ධයෙන් සිතා බැලිය හැකි බව ද ඇය වැඩිදුරටත් කියා සිටියා.
 
මේ වනවිට හින්දි ටෙලි කතා මාලාවකට ඇය රංගනයෙන් දායකවීමත් විශේෂත්වයක් වනවා.

20210525Samntha-1