මනෝජ්, ඩොමිට තැගී දිලා
දෙවරක් ඉන්දීය ජාතික සම්මානයෙන් පිදුම් ලැබු මනෝජ් බජ්පායි පසුගියදා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවති සිනමා සම්මාන උළෙලක් සඳහා එක්වූ පුවතක් බොලිවුඩයෙන් වාර්තා වෙයි. එහිදි ඔහුට ඉදිරියේදී තිරගත කිරීමට නියමිත ‘ලව් සෝනියා’ චිත්‍රපටයේ ප්රචාරක කිහිපයක් සඳහාද එක්වීමට සිදුවිය.
මෙම ‘ලව් සෝනියා’ චිත්‍රපටයේ මනෝජ් සමගින් හොලිවුඩ් සිනමා නිළි ඩොමි මුවර්ද රංගනයෙන් දාය වන අතර, ඇයද මනෝජ්ට මෙම සිනමා සම්මාන උළලේදී මුණ ගැසී ඇත. සිය හොලිවුඩ් හා බොලිවුඩ් චිත්‍රපට කාර්මාන්ත ගැන කතා කිරිමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක ඩිවිඩි පටිද ත්‍යාග ලෙස හුවමාරු කරගත් බව සඳහන් විය.