මනෝ වෛද්‍ය වරයෙකු ගෙන් ප්‍රතිකාර ගත් බොලිවුඩ් නළුවා
අතිශය කාර්ය බහුලවීම හේතුවෙන් බොලිවුඩයේ නළු නිළියන් ආතතියෙන් පෙළෙන බව මෑතක සිට වාර්තා කරනු ලබනවා. ඔවුන්ගේ කාර්යය බහුලත්වය ඊට ප්‍රධාන හේතුවයි. මේ කාර්යය බහුලත්වය නිසා ඇතැමුන්ට ප්‍රතිකාර කිරීමට පවා සිදුවූ බවයි සඳහන් වන්නේ. ‘පද්මාවතී’ චිත්‍රපටයේත් එවැනි සංකීර්ණ, අභියෝගාත්මක චරිතයක් තිබෙනවා. ඒ, අලව්දීන් ඛිල්ජි නම් වූ චරිතයයි. මේ චරිතය වගකීම පුර්ණ වශයෙන් ඇත්තේ රන්වීර් සිංට යි. ඔහුගේ කෘර ගති ඇති පුද්ගලයෙකුගේ චරිතයට ආරූඪ වී රඟපෑ රන්වීර් ගේ මානසික තත්ත්වය ද වෙනස් වූ බවයි සමහරු පවසන්නේ.
තමන්ට ලැබෙන කුමන චරිතයක් හෝ ගැඹුරින් අධ්‍යයනය කොට රඟපෑම රන්වීර්ගේ කාර්යයක් බවයි සඳහන් වෙන්නේ. කෙසේ නමුත් මේ හේතුවෙන් ඒ චරිතය රඟපෑමෙන් පසුව රන්වීර් ට යළි සැබෑ ජීවිතයට පිවිසෙන්නට අපහසු වී තිබේ, ඒ අනුව ඔහු මනෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබන්නට සිදුවූ බවයි සඳහන් වෙන්නේ.මුම්බායි නුවර රෝහලකට ඇතුළත් වූ රන්වීර් මනෝ වෛද්‍යවරයකුගෙන් අවස්ථා තුනකදී සේවාව ලබාගෙන ඇතැයි පැවසෙනවා. මේ වනවිට රන්වීර්ගේ මානසික තත්ත්වය යහපත් වී තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.