මනීෂා කොයිරාල ලන්ඩනයේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-06-ent-01

සවුදගාර් චිත‍්‍රපටියෙන් හින්දි සිනමාවට ප‍්‍රවිෂ්ට වූ නේපාල ජාතික මනීෂා කොයිරාල කලාත්මක මෙන්ම වාණිජ චිත‍්‍රපටි ද රැසක රගපෑවාය. හැම වර්ගයකම චිත‍්‍රපටිවලට ගැලපෙන එකම නිළිය ලෙස 90 දශකයේදී ඇය ජනපි‍්‍රය වූවාය. එමෙන්ම එවකට සිටි සුන්දරම නිළිය ලෙස හැ`දින්වුණේ ද මනීෂාය. ඇය නේපාල මෙන්ම දකුණු ඉන්දියානු චිත‍්‍රපටිවල ද ර`ග පා තිබේ.

මෑතකදී ඇය ජනපි‍්‍රය වූයේ පිළිකාව පරදවා ජය ගත් එඩිතර කාන්තාවක ලෙසිනි. 2010 දී සම්රාත් දහල් සම`ග විවාහ වූ මනීෂා මධු සමය ගත කරන්නට ගියේ පින්ලන්තයටය. ඔවුන් දෙදෙනා එකිනෙකාට හො`දින් ගැලපෙන යුවළක් වෙනු ඇතැයි සියල්ලෝම විශ්වාස කළහ. එහෙත් 2012 දී ඔවුහු දික්කසාද වූහ. මනීෂාට ඩිම්බකෝෂ පිළිකාවක් වැළ`දී ඇති බැව් දැන ගන්නට ලැබුණේත් ඒ ්වසරේමය. මාස ගණනාවක් රෝහල්ගතව සිටියත් ඇය පිළිකාව පරදවා ජය ගත්තාය. ඉනික්බිතිව ඇය පිළිකා වැළ`දුණ අය දැනුවත් කරන්නට වැඩ සටහන් ද කි‍්‍රයාත්මක කළාය.

ඇය නැවතත් සිනමාවට අවතීර්ණ වූයේ සංජය දත් ගේ ජීවිත කතාව පදනම් කරගෙන රාජ්කුමාර් සන්තෝෂි විසින් නිර්මාණය කරන ලද සංජු චිත‍්‍රපටියේ ර`ගපාමිනි. එහි ඇය ර`ගපෑවේ සංජේගේ මව, ප‍්‍රවීන නිළි නාර්ගීස් ගේ චරිතයයි. 2019 දී තිරගත වෙන්නට නියමිත 99 සෝන්ග්ස් සහ තෙලිගු චිත‍්‍රපටියක හින්දි නිෂ්පාදනයක් වන ප‍්‍රස්තානම් හි ද මනීෂා ර`ග පාන්නීය. දේශපාලන කතාවක් පසුබිම් කර ගත් ප‍්‍රස්තානම් චිත‍්‍රපටියේ මනීෂා ර`ග පාන්නේ සංජේ දත් ගේ බිරි`ද ලෙසිනි.

සංජු චිත‍්‍රපටියෙන් පසුව නිවාඩුවක් ස`දහා මනීෂා ලන්ඩනයට ගියාය. එහිදී ගන්නා ලද ඡුායාරූප අන්තර්ජාලයේ පළ කර තිබේ. ඒවායින් පෙනෙන්නේ ඇය බොහෝ සැහැල්ලූවෙන් කල්ගත කරනබවය. ඇගේ රසිකයන්ට එය පි‍්‍රතිමත් ආරංචියක් වෙනවා නොඅනුමානය.