මනිෂා ලම්බා දික්කසාද වෙලා
ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපෑ සුරූපි මනිෂා ලම්බා පසුගියදා සිය දික්කසාදය ප්‍රසිද්ධ කරනු ලැබීය. 2015 වසරේදී ආපන ශාලා හිමිකරුවෙකු වූ රයන් තෙම් සමගින් විවාහ වූ මනිෂා ලම්බා පසුගිය සඳුදා දිනයේදී තම විවාහය අවසන් වූ බව සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළින් ප්‍රසිද්ධ කරනු ලැබීය.
2015 වසරේදී සිය පවුලේ ඥාතින් කිහිප දෙනෙකු සමග පැවැත්වූ මෙම අප්‍රසිද්ධ විවාහය මෙසේ දික්කසාදයකින් කෙළවර වීම බොහෝ දෙනෙකුට පුදුමයක් වී තිබේ.කෙසේවෙතත්, මේ වනවිට මනිෂා බොලිවුඩ් සිනමාවෙන් ඉවත්ව ඇති අතර, ඇය අවසන් වරට 2017 වසරේ තිරගත වූ ‘භූමි’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වී තිබුණි.