මන්දිරාගේ අලුත් ෆිල්ම් එක
ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය වූ ‘ශාන්ති‘ ඉන්දීය ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළි චරිතයට දායක වූ මන්දිරා බේඩි රංගනයෙන් දායක වන අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයක් වසර අගදි ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. මන්දිරා බොලිවුඩ් චිත්‍රපටයක පෙනී සිටින්නේ 2008 වසරෙන් පසුව වීම විශේෂත්වයකි. ඇය අවසන් වරට බොලිවුඩ් චිත්‍රපටයක පෙනී සිට ඇත්තේ 2008 වසරේ තිරගත වූ ‘මෙරේබාහි නොට් අවුට්‘ චිත්‍රපටයෙනි. වසර අගදි තිරගත වීමට නියමිත මන්දිරාගේ අලුත්ම චිත්‍රපටය නම් කර ඇත්තේ ‘වොඩ්කා ඩයරිස්‘ නමිනි. මෙහි ඇය සමග කයි කයි මෙනුන්, රයිමා සෙන් ප්‍රධාන චරිත සඳහා දායකව සිටිති. මෙම චිත්‍රපටය අපරාධ කිහිපයක් වටා ගෙතුණු කතාවකි.