මන්දාකිණියේ ආරක්ෂකයන්ට එකතු වූ Karen Gillan
හොලිවුඩයට මේ වර්ෂය ඉතාමත් උණුසුම් වර්ෂයක් බව කිවයුතුය. මෙම වර්ෂයේ එළිදැක්වීමට නියමිත සහ එළිදැක්වූ චිත්‍රපට ආදායම් වාර්තා අතරට එකතු වීමට නියමිත වීම ඊට හේතුවයි. පසුගිය දිනවල විදෙස් වෙබ් අඩවිවල මාතෘකාව වූයේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපටයේ අටවැන්න පිළිබඳවයි. එමෙන්ම එළිදැක්වීමත් සමගින් විවිධ පුවත් මවන තවත් චිත්‍රපටයක් තිබේ. ඒ Guardians of the Galaxy Vol. 2 චිත්‍රපටයයි. 2014 වර්ෂයේදී එළිදැක්වූ Guardians of the Galaxy පළමුවැනි චිත්‍රපටයේ දෙවැනි කොටස වන මෙයටපෙර චිත්‍රපටය මෙන්ම ආදායම් ඉපැයීමේ හැකියාවක් ඇත්දැයි යන්න බොහෝ දෙනාගේ ප්‍රශ්නයක් වී තිබේ. කෙසේ වුවත් එම චිත්‍රපටය පිළිබඳ අවධානය යොමු වනවාත් සමගින් එහි ප්‍රධාන නිළිය වන Karen Gillan පිළිබඳවද කතාබහ කෙරෙයි. මෙම චිත්‍රපටයට අමතරව ඇය රංගනයෙන් දායක වන තවත් චිත්‍රපටයක් පිළිබඳවද මේ දිනවල ප්‍රේක්ෂක අවධානය යොමුව තිබේ. ඒ 1995 වර්ෂයේදී තිරගත වූ Jumanji චිත්‍රපටයේ නවතම චිත්‍රපටය වන Jumanji: Welcome to the Jungle චිත්‍රපටයයි. එය මෙම වර්ෂයේ දෙසැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිතව තිබේ.
29 වැනි වියේ පසුවන Karen ක්ෂේත්රයට පිවිසෙන්නේ2006 වර්ෂයේදීය. ඇගේ ක්ෂේත්රය තුළ මුල්ම අඩිතාලම වන්නේ රූපවාහිනී නාට්‍ය මාලාවන්ය. ඇයගේ පළමු රූපවාහිනී කතාමාලාව වන්නේ 2006 වර්ෂයේ විකාශය වූ Rebus ටෙලි නාට්‍යයයි. ඉන්පසු ඇයට දෙවැනි නිර්මාණය ලෙස 2008 වර්ෂයේදී විකාශනය වූ Stacked නම් කතාමාලාවට දායක වීමට අවස්ථාව හිමිවිය. එහි ඇය දායක වූ චරිතය අභියෝගාත්මක චරිතයක් වූ බැවින් ඇගේ රංගන දිවියට මඟ එළිපෙහෙලි කළ කතාමාලාවක් ලෙස එය හඳුන්වයි. ඉන්පසු ඇයට 2008 වර්ෂයේදී තවත් කතාමාලා 04ක් සඳහා අවස්ථාව හිමිවිය. ඒ Doctor Who, Harley Street, The Kevin Bishop Show, Coming up නම් රූපවාහිනී කතාමාලාය.
ඉන්පසු Karen Gillanට 2009 වර්ෂයේදී The Well නම් තවත් කතාමාලාවක් සඳහා අවස්ථාව හිමිවිය. මේ කාර්යයන් අතරතුරදී ඇය 2010 වර්ෂයේදී තිරගත වූ Outcast නම් චිත්‍රපටය ඔස්සේසිනමාවට පා තබයි.එම නිර්මාණය සම්පූර්ණ වශයෙන් අසාර්ථක වන අතර, ඉන්පසු ඇය නැවතත් ටෙලි නිර්මාණයක් වන Doctor Who Confidential සඳහා දායක වෙයි. එම කතාමාලාව 2011 වර්ෂය දක්වා විකාශය විය.
ඇය නැවත සිනමා නිර්මාණයක් සඳහා එළඹෙන්නේ 2012 වර්ෂයේදීය. ඒ We'll Take Manhattan චිත්‍රපටය ඔස්සේය. එම චිත්‍රපටය සාර්ථකත්වක් ලැබූ අතර, ඉන්පසු ඇය 2013 වර්ෂයේදී Not Another Happy Ending සහ Oculus චිත්‍රපට සඳහා දායක වෙයි.
කෙසේ වෙතත් 2014 වර්ෂයේදී තිරගත වූ Guardians of the Galaxy චිත්‍රපටය ඇයගේ සිනමා දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වන අතර, එය ආදායම් අතර ඉහළින්ම සිටි චිත්‍රපටයකි. ඉන්පසු ඇය 2015 වර්ෂයේ චිත්‍රපට 05ක් සහ 2016 වර්ෂයේදී එක් චිත්‍රපටයක් සඳහාද, මෙම වර්ෂයේදී චිත්‍රපට 05ක් සඳහාද දායක වී තිබේ. මෙම වර්ෂයේදී දායක වූ චිත්‍රපට අතරින් The Circle චිත්‍රපටය එළඹෙන 26 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ. මෙම චිත්‍රපටය සඳහා ඇය සමග එමා වොට්සන්දප්රධාන චරිතයට දායක වෙයි. ඇයගේ තවත් චිත්‍රපට 04ක් මෙම වර්ෂයේ එළිදැක්වීමට නියමිත අතර, 2018 වර්ෂය සඳහා එක් චිත්‍රපටයක්ද, 2019 වර්ෂය සඳහා එක් චිත්රපටයක්දඉතිරිව තිබේ.
2016 වර්ෂයෙන් පසු ඇය පුංචි තිරයට සමුදුන් අතර, ඒ ඇය සිනමාවේ කාර්යබහුල නිළියක් වීම හේතුවෙන් බව සඳහන් වෙයි.කෙසේ වුවද එළඹෙන මස 05 වැනිදා එළිදැක්වීමට නියමිත Guardians of the Galaxy Vol. 2 චිත්‍රපට පිළිබඳ අවධානයෙන් සිටිය යුත්තේ මෙම නිර්මාණය කොතෙක් දුරට වාර්තාගත චිත්‍රපටයක් වීමට ඉඩකඩ ඇත්දැයි දැනගැනීම සඳහාය.