මන්ජූ, සේතුපති සමග අලුත් වැඩක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-218

දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් අවසන් වරට සිය රසික පිරිස් මුණ ගැසුණු ‘අසුරන්’ චිත්‍රපටයේ ධනුෂ්ගේ බිරිඳ ලෙස රංගනයේ යෙදුණ මන්ජූ වොරියර් මේ දිනවල අලුත් චිත්‍රපටයක් සඳහා එක්ව සිටින බවට තොරතුරු වාර්තා වේ.

මෙවර ඇයගේ සිනමා පෙම්වතා වී ඇත්තේ ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු විජේ සේතුපතිය. සුන්දර ආදර කතාවක් ඇතුළත් මෙම චිත්‍රපටය 2020 වසරේ ජුනි මාසයේදි ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. ‘අසුරන්’ චිත්‍රපටයෙන් පසුව ඇය මේ වසරේ තවත් දමිල චිත්‍රපටයකින් සිය ප්‍රේක්ෂකයන් හමුවීමට නියමිත අතර, ඒ Prathi Poovankozhi චිත්‍රපටයෙනි.