මධුරි මරාති චිත‍්‍රපටියක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-23-ent-92

දශක කිහිපයක් බොලිවුඞ් සිනමාවේ රජ කළ මධුරි මරාති චිත‍්‍රපටියක ර`ග පාන්නට සූදානමින් සිටින්නීය. මධුරි උපත ලද්දේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේය. එහි භාවිතා වන්නේ මරාති භාෂාවය. මෙතෙක් ඇය ඒ භාෂාවෙන් නිපදවූ චිත‍්‍රපටියක ර`ග පා නැත.

‘‘මට හැමදාමත් මරාති චිත‍්‍රපටියක ර`ග පාන්න ඕනකම තිබ්බා.. ඒත් මට ලැබුණ තිර රචනා එකක්වත් හමිතට ඇල්ලූවේ නෑ.. ඒත් මේ සැරේ ලැබුණ කතාව මාව පුදුමයට වගේම සතුටටත් පත් කළා.. ඒක කියෙව්ව ගමන්ම මට හිතුණා ඒකෙ කොටසක් වෙන්න ඕන කියලා..’’ මධුරි කියන්නීය.

ජීවිතාවබෝධය ලබන්නට නොයෙකුත් හැලහැප්පීම්වලට මුහුණ දෙන කාන්තාවක් වටා මේ චිත‍්‍රපටිය නිර්මාණය වී තිබේ. ඒ කාන්තාවගේ චරිතය නිරූපණය කරන්නේ මධුරි ඩික්සිත්ය. මේ වසර අවසානයේදී චිත‍්‍රපටිය තකරගත වෙන්නට නියමිතය.