මධුරි ඩික්ෂිත් දේශපාලනයට එයි
බොලිවුඩ් සිනමාව තුළ ආදරණීය රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වන මධුරි ඩික්ෂිත් දේශපාලනට පිවිසීමට සූදානම් බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. ඒ ‘භාරතීය ජනතා පක්ෂය’ හරහා බව සඳහන් වේ. ඇය මේ වනවිටත් ඇගමැති නරේන්ද්‍ර මෝදීගේ මග පෙන්වීම යටතේ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබල දේශපාලනය නායකයන් කිහිපදෙනෙකු සමග මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවත් වාර්තා වේ.
ඇයට මහාරාෂ්ඨ ප්‍රාන්තයේ ප්‍රධානතම ආසනයක් වන පුනේ අසුන ලබාදීමට භාරතීය ජනතා පක්ෂය තීරණය කර තිබෙන අතර, ඇයගේ නම මැතිවරණ නාම යොජනා සඳහා ඇතුළත් කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.