මධුරි චිත්‍රපට නිෂ්පාදනයට
90 දශකයෝ හින්දි සිනමාවේ සුපිරි තරුව වූ මධුරි ඩික්සිත් මේ වනවිට සිනමා රංගනයට සමු දී තිබේ. පසුගිය කාලයේ රූපවාහිනි රියැලටි වැඩසටහන් විනිසුරුවරියක ලෙස කටයුතු කළ ඇය මේ වනවිට රූපවාහිනි ටෙලි නාට්‍ය නිෂ්පාදනයට යොමුව සිටින බවට තොරතුරු වාර්තා වේ.
ප්‍රියංකා චොප්රා සමගින් ඇමෙරිකානු රුපවාහිනී නාළිකාව ඇය හාස්‍යමය ටෙලි නාට්‍යයක් පසුගිය කාලයේදී නිෂ්පාදනය කළ අතර, මෑතකදී මරාති චිත්‍රපටයක් මධුරි විසින් නිෂ්පාදනය කර තිබේ. ‘ෆිල්ම් ෆෙයාර්’ වෙබ් අඩවිය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය පවසා තිබුණේ තමා තුළ බොලිවුඩ් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නට හීනයක් ඇති බවය. එය නොබෝ දිනකින්ම ඉටුවන බවට ද ඇය මෙහිදී ඉඟියක්ද ලබා දී ඇත.