මධුරි එක්ක වරූන් සෙල්ෆි ගහලා
බොලිවුඩයේ කාලයක් අංක එකේ නිළිය බවට පත්ව සිටි මධුරි ඩික්සිත් මේ වනවිට බොලිවුඩ් සිනමාවෙන් තරමක් ඈත්ව සිටිනවා. ‘බද්රරිනාත් කී දුල්හානියා’ චිත්‍රපටයට මධුරි 1990 වසරේ රඟපෑ ‘තනිඩාර්’ චිත්‍රපටයේ ඇතුළත් වූ ‘තම්මා තම්මා’ ගීතය යොදා ගෙන තිබුණා. මෙම ගීතයේ රූපගත කිරීම් සඳහාද මධුරි එක්වූ අතර, එහිදී එම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන වරූන් ධාවන්, ඇය සමගින් සෙල්ෆි ඡායාරූපයක් ලබාගත් මොහොතක් පහතින් දැක්වෙනවා.
මධුරි මෙම ගීතය රූපගත කිරීමෙන් පසුව වරූන්ට මෙන්ම මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන ආලියා භාත්ටද සුබපතා තිබුණා. ඇය මාධ්‍යය හමුවේ පවසා තිබුණේ, තමන් හා සංජේ දත් දායක වුණ ‘තම්මා තම්මා’ ගීතයට වර්තමානයේ වරූන් හා ආලියා ඉතා හොඳ සාධාරණයක් එක් කර ඇති බවයි.