මධු සමයට සීෂෙල්ස් ගිය රාජ් සහ මයිරා
අමීර්, නෝ වන් කිල්ඞ් ජෙසිකා, රේඞ් වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණය කළ රාජ් කුමාර් ගුප්තා පසුගිය ජූනි 20 දා සිය උපන් ගම වූ රාන්චිහිදී යුග දිවියට සැපත් වුයේය. ඔහු විවාහ වූයේ නෝ වන් කිල්ඞ් ජෙසිකා චිත්‍රපටියේ ජෙසිකා ලෙස රඟපෑ මයිරා කාර්න් සම`ගය.
‘‘අපි දෙන්නා හු`ගාක් කාලයක් යාළුවෝ වගේ ආස්සරේ කළා.. ටිකක් කල් යනකොට අපිට තේරුණා යාළුකමට එහා ගිය සම්බන්ධයක් අපිට ඕන කියලා.. ඉතින් අපි විවාහ වෙන්න තීරණය කළා.. ඕනැම සම්බන්ධයක පදනම යාළුකම තමයි..’’
රාජ් කුමාර් ගුප්තා මාධ්‍යයට පැවසුවේ මධු සමය ස`දහා සීෂෙල්ස් බලා යන්නට සූදානම් වෙමින් සිටියදීය.
42 හැවිරිදි ගුප්තා තිරකතා රචකයෙකු ද වන්නේය.