‘මණිකර්නිකා’ වියදම් මුදල සොයා ගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-26-ent-229

මේ දිනවල සාර්ථකව තිරගත වෙන චිත්‍රපට අතරේ කංගනා රණවුත් රංගනයෙන් දායක වෙන ‘මණිකර්නිකා’ චිත්‍රපටයට සුවිශේෂි තැනක් හිමිවේ. ඉන්දීය රුපියල් කෝටි 125ක් වැය කරමින් තැනුණ මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දියාවට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් සිට ආදායම් තත්ත්වය ඉන්දීය රුපියල් කෝටි 141ක් දක්වා වැඩි කර ගැනීමට සමත්ව තිබේ. පසුගිය ජනවාරි 25වැනිදා ප්‍රදර්ශනය ආරම්භ වූ මෙම චිත්‍රපටය තවමත් ඉන්දියාව තුළ ප්‍රදර්ශනය වෙමින් තිබීම විශේෂත්වයකි. මෙය කංගනා රනවුත්ගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂනය වන අතර, ඇය හා රාධා කිෂ්ණන් විසින් මෙය අධ්‍යක්ෂණය කොට ඇත.