භූමිගෙන් වෙනස් භූමිකාවක්
පති ගත්නි ඕර් වෝ චිත්‍රපටියේ භූමි පෙඞ්නෙකාර් ර`ග පාන්නේ අනන්‍යා පාණ්ඬේ සහ කාර්තික් ආර්යන් සම`ගය. මෙහි තමා ර`ග පාන්නේ මෙතෙක් ර`ග නොපෑ ආකාරයේ චරිතයක් බැව් කියන භූමි ඒ පිළිබ`දව බලවත් උද්යෝගයෙන් පසු වන්නීය.
‘‘පති පත්නි ඕර් වෝ හරි අපුරු චිත්‍රපටියක්... මීට ඉස්සර කවදාවත් මම තුන්කොන් ආදරයක් ගැන කියැවෙන චිත්‍රපටියක ර`ග පාලා නෑ.. ඒ වගේම මගේ චරිතයත් මෙච්චර කල් ර`ග පෑව චරිතවලට වඩා හු`ගක් වෙනස්.. ඒක සුපිරි ආත්ම විශ්වාසයක් තියෙන කෙල්ලක් ගැන කියැවෙන කතාවක්..’’ ඇය කියන්නීය.
මෙය 1978 මෙනමින්ම නිර්මාණය වූ චිත්‍රපටියක නැවත නිර්මාණයකි. මුල් චිත්‍රපටියේ ර`ග පෑවේ සංජීව් කුමාර්, රජීතා කවුර් සහ විද්‍යා සිංහය.