භූමි ගේ අලුත් වෙනස



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රට අකර්මණ්‍ය කර තිබූ සමයේදී බොහෝ බොලිවුඞ් තරු සිය චර්යා රටා පවා වෙනස් කළ ආකාරය දකින්නට ලැබිණි. භූමි පෙඞ්නේකර් ද ඒ අතරට එක් වී සිටින්නීය. භූමි මස්මාංශ අනුභවය අත් හැර දැම්මේ ඒ කාලයේදීය. නිර්මාංශ ආහාර නිසා ශරීරයට මෙන්ම මනසටත් පහසුවක් දැනනෙ බැව් ඇය කියන්නීය. 
මෙතෙක් අකර්මණ්‍යව තිබූ බොලිවුඩ් ක්ෂෙත්‍රය ද දැන් සෙමින් ජීවය ලබමින් තිබේ. මෙතෙක් නැවතී තිබූ චිත්‍රපටි කිහිපයකම වැඩ නැවත ආරම්භ කළ බැව් ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග කියයි. භූමි ගේ අලුත්ම චිත්‍රපටිය බධායි දෝ ය. එය 2018 අතිශයින් ජනප්‍රිය වූ බධායි හෝ චිත්‍රපටියට සමගාමීව නිෂ්පාදනය වෙන්නකි. මෙහි ඇය සමඟ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ රාජ්කුමාර් රාඕය. ඒ හැරුණ විට අයුෂ්මාන් කුරානා, සන්යා මල්හෝත්‍රා, නීනා ගුප්තා ඇතුළු ජනප්‍රිය කිහිප දෙනෙක්ම මෙහි රඟපාති.  මෙය 2021 ජනවාරි මාසයේදී තිරගත වෙන්නට නියමිතය. 
“මම චිත්‍රපටි ගණනාවක වෙනස් වෙනස් චරිත රඟපාලා තියෙනවා.. ඒත් මේ චිත්‍රපටියේ චරිතය මට විශේෂයි.. පිටපත දැක්ක වෙලාවෙ  ඉඳලම මම චරිතයට කැමති වුණා..” භූමි පැවසුවාය. 
ඇය මෙහි රඟ පාන්නේ පාසැලක සේවය කරන ක්‍රීඩා උපදේශිකාවකගේ චරිතයකි. ප්‍රථම වරට රාජ්කුමාර් රාඕ සමඟ රඟ පෑමත් විශේෂ බැව් ඇය කියයි. 

20201029Bhoomi-1