භුමිට පුදුම කිරිමේ උපන්දිනයක්
ජනප්රිය යොවුන් බොලිවුඩ් සිනමා නිළි භුමි ෆෙඩ්නිකර්ගේ 30 වැනි උපන්දිනය පසුගිය ජූලි 18 වැනිදාට යෙදි තිබුණි. එදින ඇය ලක්නව් නගරයේ ‘පත්නි අවර් වෝ’ චිත්රපටයේ රූපගත කිරිමකට සහභාගි වී සිටියහ. එදින රූපගත කිරිම් නිමාවූ පසුව භුමිට එම චිත්රපට කණ්ඩායම විසින් පුදුම කිරීමේ උපන්දින සාදයක් සංවිධානය කර තිබුණ බව සඳහන් වේ.
භූමිගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන්ද මෙම පුදුම කිරිමේ උපන්දින සාදයට චිත්රපට කණ්ඩායම විසින් එක් කර ගෙන තිබීම විශේෂත්වයක් විය. එදින ගත් ඡයාරූප කිහිපයක්ද සිය ‘ටිවිටර්’ ගිණුමට එක් කොට භූමි සටහනක් තබා තිබුණේ එය සැබැවින්ම පුදුමය දනවන උපන්දින සාදයක් වූ බවය.