'භාරත්' චිත්‍රපටයේ වැඩ අරඹයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-22-ent-36

අලී අබ්බාස් සෆර් විසින් අධ්‍යක්ෂණය කරන ‘භාරත්’ චිත්‍රපටයේ රූපගත කිරීම් එළැඹෙන ජුලි 17 වැනිදා සිට රූපගත කිරීම් කටයුතු අරඹන්නට සැලසුම් කර තිබෙන බව සඳහන් වේ. මෙම චිත්‍රපටයේ මුල්ම දර්ශනය මුම්බායිහි කලාගාරයක සිදු කරන අතර, ඉන් පසුව චිත්‍රපටයේ ඉතින් රූපගත කිරීම් එක්සතා රාජධානියේ හා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේද සිදු කරන්නට බලාපොරොත්තු වෙයි. මෙහි එන එක්තරා ගීතයක් ඊජිත්තුවේදී රූපගත කෙරෙන අතර, සල්මාන් ඛාන් හා ප්‍රියංකා චොප්රා ඒ සඳහා දින හතරක කාලයක් ඊජිත්තුවේ රැඳී සිටිමටද බලාපොරොත්තුවේ.

චිත්‍රපටයේ මුල් භාගයේදී සල්මාන් ඛාන් වයස අවුරුදු 20ක තරුණයෙකු ලෙස රඟපාන අතර, චිත්‍රපට අධ්‍යක්ෂක අබ්බාස් පවසන්නේ ප්‍රේක්ෂකයන්ට වූවද සල්මාන්ගේ රූව දැක පුදුමුයට පත්වනු ඇති බවය. සල්මාන්, ප්‍රියංකාට අමතරව මෙහි ඩිෂා පටානිද රංගනයෙන් දායක වෙන අතර, ඇය දින 11ක කාලයක් තමන් පෙනී සිටින දර්ශන සඳහා පෙනී සිටීමට සිදුව තිබේ.