භාරත් කෝටි 150 සීමාව ඉක්මවයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-944

සල්මන් ඛාන් සහ කති‍්‍රනා කායිෆ් ර`ග පාන භාරත් චිත‍්‍රපටියේ සිව් දිනක ආදායම කෝටි 125 ඉක්මවූයේය. මුලදී විචාරකයන් පවසා තිබුණේ එය කෝටි 28- 30 අතර වනු ඇති බවය. එහෙත් ඔවුන්ගේ අනාවැකි බොරු කරවමින් සතියක් ඉක්මෙද්දී එය කෝටි 150 සීමාව ඉක්මවා වාර්තාවක් තැබීය. එය ඉක්මනින්ම කෝටි 200 ඉක්මවනු ඇතැයි දැන් විචාරකයෝ කියති.

භාරත් චිත‍්‍රපටිය නිර්මාණය වී තිබෙන්නේ ඕඬේ ටු මයි ෆාදර් නමැති කොරියන් චිත‍්‍රපටිය අනුසාරයෙනි. මෙහි සල්මන් සහ කති‍්‍රනාට අමතරව ජැකී ෂ්රොෆ්, තාබු, දිශා පටානි, සුනිල් ග්‍රෝවර්, නෝරා පටේහි සහ ආශිෆ් ෂෙයික් අනු ප‍්‍රධාන චරිත ර`ග පාති. සුල්තාන් සහ ටයිගර් සින්දා හෑ චිත‍්‍රපටි දෙක මෙන්ම මෙම චිත‍්‍රපටිය ද නිර්මාණය වුණේ අලි අබ්බාස් සෆාර් සහ සල්මන් ගේ එකතුවෙනි.