'භාගී' දෙවැන්නෙන් එන අලුත් තරුව
මේ දිනවල ඉන්දියානු පුවත් වාර්තා සහ වෙබ් අඩවි වල මූලික මාතෘකාව වි ඇත්තේ වියෝවූ ශ්‍රීදේවී පිළිබඳවයි. සිනමාවේ දැවැන්තයෙකු ලෙස හදිසීයේ වියෝවත් සමගින් බොහෝ දෙනා ඇයගේ සිනමා නිර්මාණයන් සහ ඇය පිළිබඳව පැරණි මතකයන් නැවත ගොඩ එනු ලැබුවා. ඒ කරුණු කාරණා පසෙක තබා අනෙකුත් නිර්මාණයන් පිළිබඳව අවධානය යොමු කිරීමට ඇතැම් වෙබ් අඩවිද කටයුතු කරනු ලැබුවා. ඒ අතරින් පසුගිය දා එළිදැක්වූ ප්රචාරක පටයක් මේවනවිට ඉන්දියානු සිනමාවට නවමු මගක් ගෙන ඒමට හැකි බව පවසා තිබුණා.
2016 වසරේ තිරගත වූ සිනමා නිර්මාණයක් වන ‘භාගී’ චිත්‍රපටයේ දෙවැන්න මෙම මස 30 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබේ. ‘භාගී’ පලමුවැන්නේ ප්‍රධාන චරිත සඳහා පණ පොවනු ලැබු ජැකී ශ්රෙෆ්ගේ පුතු වන ටයිගර් ශ්රෙෆ් සහ ශ්‍රද්ධා කපූර්ය. මෙම දෙවැන්නේ ටයිගර් සමගින් නවක නිළියක් ප්‍රධාන චරිතය හැඬ කරනු ලබයි. ‘භාගී’ දෙවැන්නේ ප්රචාරක පටයත් සමග එම චිත්‍රපටය පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමු කරනු ලැබූ බව සඳහන් වෙයි. මෙම චිත්‍රපටය පිළිබඳව බොහෝ විශේෂ කාරණා කිහිපයක් ඇති බවත් සඳහන් වෙයි. ඒ මෙහි ඇති සියලුම සටන් ජවනිකා නිරූපණ කරනු ලබන්නේ මෙහි ප්‍රධාන නළුවා වන ටයිගර් විසින් බවයි. ඔහු සටන් නළුවෙකු ලෙස ප්‍රසිද්ධිය උසුලන හෙයින් ඔහුගේ එම ජවනිකා සඳහා ඔහුම පෙනී සිටීමත් විශේෂ කාරණාවකි.
මේ වනවිට 22 වැනි වියේ පසුවන දීශා පටානි මෙහි ටයිගර් සමග ප්‍රධාන රංගනයෙන් දායක වෙයි. ඇය නිරූපිකාවක් ලෙස ක්ෂේත්රයට පිවිසි අයෙකි.
වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ ඔස්සේ රංගනය කටයුතු වල නියැළි සිටි ඇය සිනමාවට පිවිසෙනු ලබන්නේ 2015 වසරේදීය. ඒ Loafer නම් තෙළිඟු චිත්‍රපටය ඔස්සේය. ඇය හින්දි සිනමාට පිවිසෙනු ලබන්නේ 2016 දීය. ඒ Befikra නම් චිත්‍රපටය ඔස්සේය. ඇයට එම චිත්‍රපට හේතුවෙන් නිරූපණ ක්ෂේත්රයේ විශාල ඉල්ලුමක් ලැබුණු බව සඳහන් වෙයි. එම චිත්‍රපටයෙන් පසුව ඇය ඉන්දියානු වෙළෙඳ ආයතන වල සන්නාම තනාතිපතිනිය ලෙසද කටයුතු කිරීමට අවස්ථාව උදා වී තිබේ. 2016 තිරගත වූ M.S. Dhoni: The Untold Story සිනමා නිර්මාණය ඇයගේ රංගන ජීවිතයේ විශේෂ චිත්‍රපටයක් බවට පවසයි. ඇයගේ තෙවැනි නිර්මාණය වූවත් ඇයට එම චිත්‍රපට ඔස්සේ සම්මාන 04කින් පිදුම් ලැබීය. Big Zee Entertainment සම්මාන රාතීයේදී Most Entertaining Actor (Film) Debut – Female සම්මානයද, Star Screen සම්මාන රාත්රියේදී Best Female Debut සම්මානයද, Stardust සම්මාන රාත්රියේදී Best Acting සම්මානයද, Internation Indian Film Academy සම්මාන රාත්රියේදී Best Female Debut සම්මානයද හිමිකර ගැනීමට ඇයට අවස්ථාව හිමිවිය. රංගන ක්ෂේත්රය පිවිස ඉතාමත් කෙටි කලකින් සම්මාන ලාභී නිළියක් වීමට ඇයට අවස්ථාව උදාවීම පිළිබඳව ඇය විමතියට පත්වන බවත් ඇය බොහෝ තැන් වලදී සඳහන් කර තිබේ.
2018 වසරේ ඇයගේ රංගන දිවියේ විශාල වෙනසක් සිදුකරනු ලබන චිත්‍රපටයක් බවට ‘භාගී 02’ චිත්‍රපටය හඳුන්වනු ලබයි. නවක නිළියක් වූවත් රංගනය ඔස්සේ මේවනවිට සම්මාන ළාභි ඇයගේ රංගන හැකියාව මැනීමට තවත් කුමන සාධකයන් අවශ්‍ය නොවන බවයි බොහෝ දෙනා පවසන්නේ. මෙම ප්රචාරක පටයත් සමගින් චිත්‍රපට විචාරකයන් අදහස් දක්වන්නේ පලමු චිත්‍රපටයට සාපේක්ෂව මෙම චිත්‍රපටයේ තාක්ෂණික මෙවලම් භාවිතය ඉතාමත් වැඩි බවයි. කෙසේ වුවත් මෙම චිත්‍රපටයේ සාර්ථක අසාර්ථකත්වය දැක බලා ගැනීමට මාර්තු 30 වන තෙක් සිටිය යුතුය.