භච්චන් සහ රිෂී එකම චිත්‍රපටයක
ඉන්දියානු සිනමාවේ දැවැන්තයන් දෙදෙනෙකු වන අමිතබ් භච්චන් සහ රිෂී කපූර් එකම චිත්‍රපටයක රංගනයෙන් දායක වීමට නියමිතය. මෙලෙස මොවුන් දෙදෙනා එකම චිත්‍රපටයකට රංගනයෙන් දායක වන්නේ වසර 37ක පසු වීමත් විශේෂත්වයකි. ‘102 Not Out’ චිත්‍රපටය මෙම වසරේ මැයි මාසයේ එළිදැක්වීමට නියමිතව ඇත.