බෝතලය හා සටනට පෑන අතට ගත් පූජා
ජනපි‍්‍රය චිත්‍රපටි නිර්මාණකරු මහේෂ් භාත් ගේ පළමු කසාදයේ දියණිය වන පූජා භාත් නිළියක ලෙස දොරට වඩිද්දී ඇගේ වයස අවුරුදු 17කි. බේබදු පියෙකු ගේ දියණියක ජීවිතය ජය ගන්නට දරන උත්සාහය ඇතුළත් ඩැඞී ඇය රග පෑ මුල්ම චිත්‍රපටියයි. එය ඇගේම කතාවයයි කිව හැක්කේ මහේෂ් ද මද්‍යසාරවලට ඇබ්බැහි වී සිටි අයෙකු නිසාය. තවත් චිත්‍රපටියක පූජා බේබදු කොස්තාපල්වරියක ලෙස ද රග පා තිබේ. මේවා නිසා හෝ වෙනත් හේතුවක් නිසා පූජා ද මද්‍යසාර ලෝලියක බවට පත් වූවාය.
‘‘මගෙ තාත්තා මද්‍යසාරවලට ඇබ්බැහි වෙලා හිටියා.. ඒ වගේ තාත්තා කෙනෙකුගෙ දුවක් ලේසියෙන්ම ඒකට පෙළඹෙන්න පුළුවන්.. ඒ වගේම භෝජන සංග්‍රහයක්, සාදයක් විතරක් නෙමෙයි ව්‍යාපාර රැුස්වීම්වල පවා බෝතලය වරදින්නෙ නෑ.. ඕනම සතුටුදායක ආරංචියක් සමරන්නෙ ෂැම්පේන් බෝතලයක් කඩලා.. මමත් මේ හැම දේටම ඇබ්බැහි වෙලා හිටියා.. හු`ගක් දෙනෙක් මට කිව්වා බීම නවත්තන්න කියලා.. මම ඒ අය එක්ක කේන්ති ගත්තා විතරයි.. ඒත් පස්සෙ මම කල්පනා කළා බීලා බීලා ඉක්මනට මිනී වළට යනව ද, නැත්නම් බීම නවත්තනව ද කියලා.. ඇත්තටම මොන නරක පුරුද්දක් වුණත් නවත්තන්න නම් ඉස්සර වෙලා ඒ පුරුද්ද දිහා විවෘතව බලන්න ඕන.. මේකෙන් මට වෙන හානිය මොන තරම් ද කියලා තමන්ම ඒත්තු ගන්න ඕන.. ඊට පස්සෙ තමයි ඒක නවත්තන්න ලේසි වෙන්නෙ..’’ පූජා භාත් කියන්නීය.
මේ දිනවල පූජා මද්‍යසාර නවත්වන්නට ඇය කළ සටන පිළිබ`දව ලියැවෙන පොතක සම කර්තෘවරිය වී සිටින්නීය. මෙහි කතුවරිය පුවත්පත් කලාවේදිනියක වන රෝස්මිලා භට්ටාචාර්යයි.
‘‘මේක ස්වයං ලිඛීත චරිතාපදානයක් නෙමෙයි.. ඇත්තටම අවුරුදු හතළිස් පහක් වගේ වයසකදී මට ලියන්න තරම් ජීවිත කතාවක් නෑ.. ඒත් යම් ඇබ්බැහි වීමකින් මිදෙන්නෙ කොහොමද කියන එක ගැන අනිත් මිනිස්සුන්ට යම් අදහසක් මේ පොත හරහා දෙන්න මට පුළුවන්.. අපි ඉන්නෙ ප්‍රශ්නයක් දිහා විවෘතව බලන අය ඉන්න ලෝකෙක නෙමෙයි.. ප්‍රශ්න හංගාගෙන ලෝකෙට පේන්න ජයග්‍රාහී මිනිස්සු විදියට ඉන්න ලෝකෙක.. ඒ හින්දයි අපිට ඒවා විස`දා ගන්න අමාරු.. සමහර වෙලාවට අපි ඒවා දිහා ඇස් ඇරලා බලන්නත් බයයි..’’
නත්තල් දිනයට පෙර දිනයේ සිට මද්‍යසාර ලෝලිත්වයෙන් මිදී සිටින පූජා කියන්නීය.
‘‘ඒක ලේසි දෙයක් වුණේ නෑ.. ලොකු සටනක්.. ඒ සටන ගැන මම මාර්තු මාසෙ දවසක රෝස්මිලාට කිව්වා.. එයා තමයි කිව්වෙ ඒක හු`ගක් දෙනෙකුට පාඩමක් ගන්න පුළුවන් කතාවක් වෙයි.. ඒ හින්දා ඒක ලියමු කියලා..’’ ඇය කියන්නේ සිනාසෙමිනි.
තවම ඒ පොතට නමක් යොදා නැත. එහෙත් සම්ප්‍රදායික නමක් යොදන්නට ඇය බලාපොරොත්තුවෙන් සිටින්නීය.
ඇයට මද්‍යසාර ගැනීමේ මෙන්ම නැවැත්වීමේ හැ`ගීමත් ඇති වූයේ ඇගේ තාත්තා මහේෂ් භාත් නිසාය.
‘‘තාත්තා ඕෂෝ දර්ශනය කියවන්න පටන් ගත්තා.. ඒ හින්දා හරි, වෙන හේතුවක් හින්දා හරි එයා මත් ලෝලිත්වයෙන් මිදුණා.. ඒත් කවදාවත් මට ඒකෙන් මිදෙන්න කිව්වේවත්, මගේ පුරුද්ද ගැන කතා කළේවත් නෑ.. කවදා හරි මම ම යථාර්ථය තේරුම් ගන්නවා කියලා එයා දැනගෙන ඉන්න ඇති..’’ පූජා කීවාය.
‘‘මම ඔයාට ආදරෙයි දුවේ..’’ ඔහු දිනෙක ඇයට කීවේය.
‘‘මමත් ඔයාට හු`ගක් ආදරෙයි තාත්තෙ..’’ ඇය පිළීතුරු දුන්නාය.
‘‘මම ඉන්නෙ ඔයා තුළමයි.. මට ආදරේ කරනවා නම් ඔයා ඉස්සර වෙලා ඔයාට ආදරේ කරන්න ඕන..’’
පූජාට අවබෝධය පහළ වූයේ තාත්තාගේ එවදන් තුළිනි. ඒ ඔස්සේ දිගින් දිගටම කල්පනා කළ ඇය මත් දියරවල නිස්සාරත්වය හැ`දින ගත්තාය. ජීවිතයේ සැහැල්ලූව අත් වි`දින්නේ දැන් බැව් ඇය කියන්නීය.
මහේෂ් භාත් අවුරුදු විස්සේදී ලොරේන් බ්‍රයිට් සම`ග විවාහ වූයේය. විවාහයෙන් අනතුරුව ඇය කිරාන් ලෙසින් සිය නම වෙනස් කර ගත්තාය. කිරාන්ගේත් මහේෂ්ගේත් පළමු දරුවා පූජාය. දෙවැනියා රාහුල් දැන් චිත්‍රපටි නිෂ්පාදකයෙකි. 1970 දී එකල ජනපි‍්‍රය නිළි පර්වීන් බාබි සමග සම්බන්ධයක් ඇති කර ගත් ඔහු කිරාන් අත් හැර දැමීය. එහෙත් ඒ සම්බන්ධයට වැඩි ආයුෂ තිබුණේ නැත. ඔහු දෙවන වරට විවාහ වූයේ සෝනි රස්ඩාන් සම`ගය. ජනපි‍්‍රය චිත්‍රපටි නිළි ආලියා භාත් සහ ෂහීන් භාත් ඒ විවාහයෙන් ඔහු ලද දියණියන් දෙදෙනාය. කි‍්‍රෂ්ණමූර්ති සහ ඕෂෝ අනුගාමිකයෙකු වීමෙන් පසුව තමා ජීවිතයේ හිස් බව වටහාගෙන සිටින බැව් දැන් මහේෂ් කියන්නේය.