බෝක් ලෙස්නර් ඉහළම ධනපතියා වෙයි
අඩු ආදායම් ලබන සමාගමක් බවට මේ වනවිට පත්ව තිබෙ ‘WWE’ සමාගමේ සේවයේ නිරත බොහෝ ජනප්‍රිය මල්ලවපොර ශූරයන් කිහිප දෙනෙකු පසුගියදා ඉන් ඉවත් කිරීමට පාලනධිකාරිය කටයුතු කරනු ලැබීය. ඒ අතර ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට කිහිපයක රඟපෑ නළුවන්ද සිටියේය.
කෙසේ වෙතත්, එවන් වටපිටාවක් නිර්මාණය වෙමින් පවතින මොහොතක මෙම සමාගම වසරකදී එම ආයතනය හරහා ඉහළම වැටුප් ලබන ක්‍රීඩකයන් පිරිස පිළිබඳව සටහනක් මාධ්‍යයට ලබාදී ඇත. ඒ අනුව ඉහළම ආදායමක් උපයන මල්ලව පොර ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ බ්‍රොක් ලෙස්නර් වන අතර, ඔහු ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක වැටුප් මෙම ආයතනය හරහා උපයා ඇත. දෙවැනි තැන රෝමන් රේන්ස් (මිලියන 5ක්) හා තුන්වැනි තැන රැන්ඩි ඔර්ටන් (මිලියන 4.1ක්) ලබා ගෙන තිබේ.