බොලිවුඩ් සුපිරි නිළි මධුරිගේ ඉල්ලීම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කොරෝනා වෛරසය ව්‍යාප්තිය තවමත් සිදුවෙමින් පවතින අතර ඒ මධ්‍යයේ විශාල පිරිසක් බාහිර පරිසරයට නිරාවරණයවිම සම්බන්ධව මධුරි සිය කනස්සල්ල පළ කර සිටී.

ප්‍රවෘත්ති ආයතයක් සමඟ අදහස් දක්වමින් මධුරි කියා සිටියේ මිනිසුන් මාස පහ හයක් තිස්සේ සමාජගත වීමට නොහැකි වීම ගැන ජනතාව කනස්සල්ලට පත්ව සිටින බවත්ය.

කෙසේ වෙතත්, ඇය රසිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉතා පරිස්සම් වී අවශ්‍ය විටෙක පමණක් ආරක්ෂිත පරිසරයෙන් ඉවත් වන ලෙසයි.

වෛරසය වැළඳීමේ අවදානම වැඩි බැවින් වැඩිහිටි පුද්ගලයින් සිටී නම් මිතුරන් හෝ ඥාතීන් හමුවීමෙන් වැළකී සිටිය යුතු බවත් ඇය පැවසුවාය.

අනෙක් නළු නිළියන් මෙන් ඇයද නැවත වැඩ කටයුතු ආරම්භ කර තිබේ.

සිය අත්දැකීම් ගැන කතා කරමින් මධුරි පවසා ඇත්තේ සෞඛ්‍ය පිළිවෙත් ගැන සතුටු වන බවයි.

රූගත කිරීම් ආරම්භ කිරීමට පෙර සමස්ත කණ්ඩායමේ පූර්වාරක්ෂාව පමණක් නොව, ප්‍රතිශක්තීකරණ මට්ටම ඉහළ මට්ටමක තබා ගැනීමටත් වගබලා ගන්නා බවත් සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාම සාර්ථකව සිදුවන බවත් මධුරි පවසන්නීය.

20201217Maduri (1) 20201217Maduri (2) 20201217Maduri (3) 20201217Maduri (4) 20201217Maduri (5)