බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්ට අපරාධ චෝදනාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි නළු ශාරුක් ඛාන්ට විරුද්ධව අපරාධ නඩුවක් ගොනු කර ඇති බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කළේය. ඒ පසුගියදා එළිදැක්වූ ‘Zero’ චිත්‍රපටයේ ප්‍රචාරක පටය හේතුවෙනි. මෙම පූර්ව ප්‍රචාරක පටයේ ඇති එක්තරා දර්ශනයක් හේතුවෙන් මෙලෙස අපරාධ නඩුවක් ගොනු කිරීමට හේතු වූ බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. ඒ මෙම වීඩියෝවේ සුපිරි නළු ශාරුක් ඛාන් විසින්  ‘kirpan’ ( පිහියක් ) වැනි දෙයක් පැලඳ සිටීම හේතුවෙනි.

මෙය පැලඳීමට හැක්කේ ඉන්දියානු අම්රිත්ධාරී සික් (Amritdhari Sikh) වර්ගයට අයත් පුද්ලයන්ට පමණක් බවත්, ඒ හේතුවෙන් මෙම චිත්‍රපටයේ එම කොටස වහාම ඉවත් කළ යුතු බවත් Sikh Gurudwara Management Committee (DSGMC) සංගමයේ ලේකම් වන මන්ජින්ධර් සින්ග් ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් මෙම ‘zero’ චිත්‍රපටය තිරගත වීමට ප්‍රථමයෙන් කෝටි ගණනක ආදායමක් ලැබීමද විශේෂ කාරණාවක් විය. 

20181112Zero-2 20181112Zero-1