බොලිවුඩ් සිනමාවට සමුදෙන 'රාධිකා අප්තේ'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-20-ent-29

ඉන්දියානු සිනමාවේ වෙනස් ආකල්ප ඇති නිළියක වන රාධිකා අප්ටේ පිළිබඳව පසුගිය කාලයේ බොහෝ කතාබහක් ඇති වූයේ ඇය විසින් රංගනයෙන් දායක වූ ‘පෑඩ් මෑන්’ සහ ‘ලස්ට් ස්ටෝරීස්’ චිත්‍රපටයයන් නිසාවෙනි.

ඇය රංගනයෙන් දායක වූ එම චිත්‍රපට දෙක අතරින් බොහෝ කතාබහට ලක්වූයේ ඇය විසින් රංගනයෙන් දායක වූ ‘ලස්ට් ස්ටෝරීස්’ චිත්‍රපටයයි. සරාගී දර්ශන රැසක් මෙම චිත්‍රපටයේ අඩංගු නිසාවෙන් ඇතැමුන් ඇය පිළිබඳව විවේචනාත්මක අදහස්ද පළ කර තිබූ බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.2018-09-20-ent-30

රාධිකා බොලිවුඩ් සිනමාවේ සරාගී නිළියක් ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුන්වනු ලබයි. ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් සරාගී චිත්‍රපට අතරට අයත් වීමත් විශේෂ කාරණාවකි. බොලිවුඩ් සිනමාවේ බොහෝ චිත්‍රපට සඳහා රංගන දායකත්වය ලබාදුන් රාධිකා අප්තේ, බොලිවුඩ් සිනමාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

දමිළ, මරාති, තෙලිඟු සිනමා නිර්මාණ සඳහා රංගන දායක වූ ඇය, හින්දි චිත්‍රපට සඳහා ඉදිරියේදී දායක නොවන බව නිල නොලත් ආරංචි සඳහන් කර සිටියි. ඇය හින්දි සිනමාවේ දායකත්වය ලබාදුන් චරිත රසිකයන් විසින් ඇයගේ පෞද්ගලික ජීවිතයට සැසඳීම මේ කාරණාවට හේතුව බව සඳහන් වේ. ඇය සිනමා නිළියක් වශයෙන් තමන්ගේ චරිතයට බොහෝ සාධාරණයක් කිරීමට කැපවෙන බවට ඇය පවසයි. සිනමා නිළියක් වශයෙන් සමාජයට පෙන්නවන චරිතයට වඩා තමන්ගේ පෞද්ගලික ජීවිතයේ ඇති චරිතය හාත්පසින් වෙනස් බවද ඇය පවසයි. බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය තුළින් තමන්ගේ චරිතය විවේචනය කිරීම නිසා තමන්ට කලකිරීමක් ඇතිව තිබෙන බවද ඇය පවසා තිබේ.

රංගන ශිල්පිනියක් ලෙස 2005 වසරේදී බොලිවුඩ් සිනමාවට පිවිසි ඇය, ප්‍රසිද්ධියක් උසුලනු ලැබුවේ දමිළ සිනමාව තුළය. 2005 වසරේ තිරගත වූ ‘Vaah! Life Ho Toh Aisi’ නම් සිනමා නිර්මාණය තුළින් ඇය තම සිනමා ජීවිතය ආරම්භ කළ අතර, 2003 වසරේ සිට වේදිකාව තුළ කැපී පෙනෙන චරිතයක් වූ බවද සඳහන් වේ.

වේදිකාවේ දක්ෂ රංගන ශිල්පිනියක් වූ ඇය 2003 සිට 2013 දක්වා වේදිකා නාට්‍ය 13කට අධික සංඛාවක් සඳහා රංගනයෙන් දායක වී තිබේ. 2009 වසරේ ඇය නැවත සිනමා නිර්මාණයක් සඳහා රංගනයෙන් දායක වෙන්නේ ‘Antaheen’ නම් බෙන්ගාලි නිර්මාණයක් සඳහාය. 2009 වසරේ ඇය තවත් සිනමා නිර්මාණක් සඳහා රංගනයෙන් දායක වන අතර, ඒ ‘Samaantar’ නම් චිත්‍රපටයයි.

2010 වසරේදී ඇය නැවත හින්දි සිනමාවට පිවිසි අතර, ඒ ‘The Waiting Room’ නම් හින්දි සිනමා නිර්මාණය සඳහාය. 2010 වසරේ ඇය ‘Rakta Charitra’ චිත්‍රපටය සඳහාද රංගනයෙන් දායක වූවාය. 2011 වසරේ ඇය සිනමා නිර්මාණ දෙකක් සඳහා රංගනයෙන් දායක වූවාය. ඒ ‘Shor in the City’ සහ ‘I Am’ චිත්‍රපටයයි. 2012 වසරේදී ඇය ‘Dhoni’ නම් දමිළ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ අතර, තවත් චිත්‍රපට දෙකක් සඳහා රංගනයෙන් දායක වූවාය. 2013 වසරේ සිට 2014 දක්වා ඇය චිත්‍රපට 07ක් සඳහා රංගනයෙන් දායක වූවාය.

2015 වසරේ ඇය චිත්‍රපට චිත්‍රපට 07ක් සඳහා දායක වූ නමුත්, ඇය පිළිබඳව කතාබහ කෙරුණේ ‘Badlapur’ සහ ‘X: Past Is Present’ චිත්‍රපටය මගිනි. 2016 වසරේ ඇය චිත්‍රපට 03ක් සඳහා රංගනයෙන් දායක වූවාය. ඒ අතරින් රජිනිකාන්ත් සමගින් ‘Kabali’ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ අතර, ඇගේ ජීවිතේ ලද විශේෂ තිළියක් ලෙස ඇය මෙම චිත්‍රපටය හඳුන්වයි.

මෙම වසර ඇයගේ ජීවිතයට සුවිශේෂි වසරක් වන බව නොඅනුමානය. ඒ ඇය විසින් 2018 වසරේ ඇය චිත්‍රපට 08ක් සඳහා රංගනයෙන් දායක වීමට නියමිතව ඇති හෙයිනි. එයින් චිත්‍රපට දෙකක් තිරගත වූ අතර, චිත්‍රපට 06 නිෂ්පාදන කටයුතු තවමත් සිදුවෙමින් පවතී. රංගන ශිල්පිනියක ලෙස දමිළ, තෙළිඟු, මලයාලම්, මරාති, හින්දි වැනි සිනමා ක්ෂේත්‍රයන්වල රංගනයෙන් දායක වූ ඇය පළමු වරට ඉංග්‍රීසි සිනමා නිර්මාණ දෙකක් සඳහා මෙම වසරේදී ඇය රංගනයෙන් දායක වීමට නියමිතය. හොලිවුඩ් සිනමාවට පා තැබීමට ඇය අවස්ථාව උදා වන්නේ ‘ද අශ්රම්’ සහ ‘ද වෙඩින් ගෙස්ට්’ චිත්‍රපට දෙක ඔස්සේය. මෙවැනි දක්ෂ නිළියක් බොලිවුඩ් සිනමාවෙන් ඉවත් වුවහොත් බොලිවුඩ් සිනමාව පිළිබඳව ඇති විශ්වාසය පලුඳු වන බව චිත්‍රපට විචාරකයන් අදහස් පළ කර තිබේ.