බොලිවුඩ් ප්රවිණ නිළි රීමා මෙලොවින් සමුගනී
ප්රවීණ බොලිවුඩ් නිළියක වන රීමා ලාගූ පසුගියදා මෙලොවින් සමුගත්තාය. හැත්තෑව දශකයෙන් බිහිවුණු නිළියක වන ඇය මිය යනවිට 59 කි. ඇය බොලිවුඩයේ ප්රසිද්ධියට පත්වූයේ ‘අම්මා’ යනුවෙනි. එයට හේතුව වූයේ ඇය වැඩි වශයෙන් රංගනයෙන් දායක වී ඇත්තේ මවගේ චරිතයට වීමයි.
1979 වර්ෂයේදී ඇයගේ පළමු සිනමා නිර්මාණය වූයේ ‘සින්හසන්’ චිත්රපටයයි. 2016 වර්ෂය වනතෙක් ඇය චිත්රපට බොහෝ ප්රමාණයක් සඳහා රංගනයෙන් දායක වූ අතර, 2017 වර්ෂයේදීද ඇය රංගනයෙන් දායක වූ චිත්රපටයක් එළිදැක්වීම නියමිතව තිබිණි. එමෙන්ම ඇය මිය යනවිට ‘දේවා’ නම් එම චිත්රපටයේ රූගත කිරීම් සිදු කෙරෙමින් පැවතුණි.
පපුවේ වේදනාවක් හේතුවෙන් රෝහලට ඇතුළත් කර ඇති ඇය එහිදී ජීවිතක්ෂයට පත්ව තිබිණි.
ඇයගේ අවසන් කටයුතු සඳහා බොලිවුඩයේ බොහෝ නළු නිළියෝ සහභාගි වී සිටියහ.