බොලිවුඩ් තරු මැද සෝනම් කපූර් විවාහ වෙයි
ඉන්දියානු සිනමාවේ තරු පිළිබඳව කතාබහ කිරීමේදී පසුගිය කාලයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ කාරණාවක් තිබේ. ඒ සෝනම් කපූර්ගේ ආදර සම්බන්ධතාව පිළිබඳවයි. බොහෝ කාලයක් නිහඬව සිටි සෝනම් තමන්ගේ ආදරය පිළිබඳව මාධ්‍ය වෙතට කියා පෑවේ ඔවුන් විවාහ වෙන කාරණාවත් සමගයි. එම කාරණාවත් සමගින් බොලිවුඩ් ක්ෂේත්‍රයේ මෙන්ම සිනමා රසිකයන්ද මොවුන් දෙදෙනාගේ ආදර කතාව පිළිබඳව බොහෝ අවධානයෙන් පසුවූ බවයි ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන්නේ. සෝනම් කපූර් සහ ආනන්ද් අහූජාගේ විවාහය පසුගිය 08 වැනිදා ඉතාමත් උත්සවශ්‍රීයෙන් පැවැත්වුණි. මෙම විවාහ උත්සවයේ තවත් සුවිශේෂී කාරණාවක් වන්නේ මෙම විවාහය වෙනුවෙන් යොදාගනු ලබන ඇරයුම්පතයි. ඔවුන් දෙදෙනා පරිසරයට දක්වන ආදරය හේතුවෙන් ඇරයුම්පත් සඳහා කඩදාසි යොදා ගැනීමට තීරණය කර තිබේ. එහිදී ඔවුන් විද්‍යුත් ඇරයුම්පතක් නිර්මාණ කර එය තමන්ගේ නෑදෑ හිතමිතුරන්ට යැවූ බවයි සඳහන් වන්නේ. ඔවුන්ගේ මෙම ක්‍රියාවට බොහෝදෙනෙකු ප්‍රශංසා කර තිබුණු බවද සඳහන් වේ.
බොහෝදෙනෙකු මෙම විවාහය පිළිබඳව සතුටු වීමේදී ඇතැමුන්ගේ අප්‍රසාදයද පළ වී තිබුණි. ඒ ශ්‍රී දේවිගේ මරණයට මාස තුනක කාලයක් යාමටත් පෙර මෙවැනි විවාහ උත්සවයක් ගැනීම පිළිබඳවයි. කෙසේවුවත් ශ්‍රී දේවිගේ සැමියා වන බොනී කපූර් සහ ඇයගේ දියණියන් දෙදෙනාද මෙම විවාහ උත්සවය ප්‍රීතියෙන් සැමරූ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේය.
සෝනම් සහ ආනන්ද් අතර අවුරුදු දෙකක් පුරා පැවති මෙම ආදර කතාන්දරය කරළියට පැමිණියේ මීට මාස කිහිපයකට පෙරය. 1985 වර්ෂයේ උපන් ආනන්ද්, සෝනම් කපූර්ට වඩා අවුරුදු දෙකක් වැඩිමහල්ය. 2014 වසරේදී මොවුන් දෙදෙනා මිතුරන් ලෙස එකිනෙකා දැන හැඳිනගෙන තිබේ. ඔවුන් අතර ඇතිවූ එම මිතුරුකම පසුකාලීනව ආදර සබඳතාවක් බවට පත්වී වසර දෙකක කාලයකට පසුව මෙලෙස විවාහ දිවියට එළඹ තිබිණ. ආනන්ද් ඉන්දියාවේ ප්‍රබල ඇඟලුම් කර්මාන්ත ශාලා හිමිකරුවෙකි. ඔහුගේ සීයා විසින් ඔහුගේ විවාහය වෙනුවෙන් ඉන්දියානු කෝටි 173ක නිවසක් තිළිණ කර ඇති බවද ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.
මැයි 07 වැනිදා සෝනම්ගේ මෙහෙන්දි උත්සවය පැවැත්වුණු අතර, සික් සම්ප්‍රදාය අනුව මංගල උත්සවය මැයි 08වැනිදා පවත්වනු ලැබීය. එහිදී පිළිගැනීමේ උත්සවය සූදානම් කර තිබුණේ මැයි 08දා සවස් යාමයේය. සෝනම් - ආනන්ද්ගේ විවාහය වෙනුවෙන් තම රංගන ක්ෂේත්‍රයේ විශාල පිරිසක් මෙම උත්සවය සඳහා සහභාගී වූ අතර, ඇයගේ හොඳම මිතුරිය වන ආලියා භාත්ට මෙම විවාහය සඳහා සහභාගී වීමට නොහැකි වී තිබිණ. කරන් ජොහාර් සමග සහෝදර නළු නිළියන් පිරිසක් විසින් මොවුන්ගේ විවාහ උත්සවය වෙනුවෙන් නර්තනයක්ද ඉදිරිපත් කර ඇත. ඒ සඳහා මීට පෙර මෙම පිරිස පුරුදු පුහුණුවීම් කර තිබෙන බවද ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.
විවාහයෙන් පසුව මොවුන් මධුසමය වෙනුවෙන් සංචාරයක නිතර වීමට සිටියද, එය කල් දැමීමට සිදුව තිබේ. ඒ මෙම මස 14 වැනිදා පැවැත්වීමට නියමිත කෑන්ස් චිත්‍රපට උළෙල සඳහා සෝනම් කපූර් දායක වීමට නියමිත බැවිනි.