බොලිවුඩයේ ‘හොට් සිස්ටර්ස්ලා’ කවුද?
පසුගියදා ‘රාඩිෆ්’වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කළ අන්දමට බොලිවුයේ සිටි සරාගිතම සහෝදරියන් වන්නට ක්‍රිති ෂැනොන් හා ඇයගේ නැඟණිය වූ නූප්රාට හැකිව තිබේ. පසුගිය වසරේදී බොලිවුඩයේ නිරන්තරයෙන්ම කතාබහට ලක්වූ සහෝදරියන් වූයේද ඔවුන්ය.
මෙහි දෙවැනි තැන හිමිව තිබුණේ භුම් ෆෙඩ්නිකාර් හා ඇයගේ නැඟණිය වූ සමික්ෂාටය. තුන්වැනි තැන ශිල්පා ෂෙට්ටි හා ඇයගේ නැඟණිය වූ සමිතාටය. ශිල්පා මෙන්ම සමිතාද බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නිළීයක්ද වන්නේය. කත්රිනා කයිෆ් හා ඇයගේ නැඟණිය ඉසබෙලා, කරිෂ්මා හා කරීනා, කාජල් හා ටනිෂාටද මෙම ලැයිස්තුවේ ස්ථාන හිමිව තිබිම විශේෂත්වයකි. එමෙන්ම ශ්‍රී දේවිගේ දියණියන් වන ජාන්වී හා කුෂි මෙම ලැයිස්තුවේ අවසන් ස්ථානය දිනා ගැනිමට සමත්වද ඇත.