බොලිවුඩයේ සල්ලාලයෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-01-ent-27

පසු ගිය වසරේ හොලිවුඞ් නිළියෝ ක්ෂේත‍්‍රය තුළදී තමා ලිංගික අතවරවලට ලක් වූ බැව් ප‍්‍රසිද්ධියේ පවසන්නට තරම් නිර්භීත වූහ. එලෙස අතවරවලට ලක් වූ බොහෝ දෙනෙක් බොලිවුඩයේත් සිටිති. එහෙත් ක්ෂේත‍්‍රයේ කිසිවෙකු ඊට විරුද්ධව කතා නොකරති. එයට හේතුව අතවර විඳි අය ඒ ගැන පැමිණිලි නොකිරීම යයි චිත‍්‍රපටි නිෂ්පාදක අනුරාග් කාශ්‍යප් පවසයි.

‘‘බොලිවුඞ් නළුනිළියෝ කීප දෙනෙක් විතරයි ලිංගික හිංසනයට විරුද්ධව කතා කරලා තියෙන්නෙ.. හොලිවුඞ් නිළියෝ නම් මී ටූ කියලා ලිංගික හිංසනයට එරෙහි ප‍්‍රචාරක වැඩ පිළිවෙලක් දියත් කරලා තියෙනවා.. ඒත් බොලිවුඩයේ අදාළ අය ඉදිරිපත් වෙන්නෙ නැති හින්දා ඒ විදියෙ දෙයක් කරන්න අනිත් අයට පුළුවන්කමක් නෑ.. ඒවා සාර්ථක වෙන්නෙ අදාළ අය කට අරිනවා නම් විතරයි..’’

ඔහු කියන්නේය.

හැම ක්ෂේත‍්‍රයකම ලිංගික හිංසනය දකින්නට ඇතිමුත් බොලිවුඩය පිළිබ`දව පමණක් විශේෂයෙන් කතා කරන මාධ්‍ය පිළිබ`දව ඔහු තුළ ඇත්තේ කළකිරීමකි.

‘‘මොන විදියකින් හරි හැම දෙනාම එකතු වෙලා මේකට එරෙහිව කතා කරන්න ඕන.. ඒත් කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නැතිි එක තමයි ලොකුම ගැටළුව.. අවුරුදු දහ නමයෙදී මමත් ලිංගික අතවරයකට ලක් වුණා.. ඒ හින්දා මම ඒකට විරුද්ධව කතා කළා.. කිසිම කෙනෙකුගෙන් සහයෝගයක් නොලැබෙන හින්දා මම දැන් නිහඬඩව ඉන්න තීරණය කරලයි තියෙන්නෙ..’’

45 හැවිරිදි අනුරාග් පවසයි.

ඔහු චිත‍්‍රපටි අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකයෙක්, තිරකතා රචකයෙක්, සංස්කරණ ශිල්පියෙක් පමණක් නොව නළුවෙක් ද වන්නේය.