බොලිවුඩයේ 'කිං ඛාන්' සතුටින්
තමාගේ අලුත්ම චිත්රපටය ‘රායිස්’ ඉන්දීය රුපියල් කෝටි 300ක ආදායමක් උපයා ගැනීම හේතුවෙන් තමා මේ දිනවල දැඩි සතුටට පත්ව සිටින බව කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන් ‘සන්ටා බන්ටා’ වෙබ් අඩවිය සමගින් එක්ව පවසා තිබේ.
පසුගිය වසරේ තිරගත වූ ‘ෆෑන්’ හා ‘ඩියර් සින්දගී’ චිත්රපට එතරම් ආදායම් උපයා ගැනීමට නොහැකිවූ නිසාවෙන් තමා තරමක් කණස්සල්ලෙන් පසුවූ බව පවසන ෂාරුක්, ‘රායිස්’ චිත්රපටය ප්රදර්ශනය වීමත් සමග එම කණස්සල තමාගෙන් දුරස්වූ බව වැඩිදුරටත් පවසා තිබේ.
එමෙන්ම ෂාරුක් පවසන්නේ, තමාගේ මිළඟ චිත්රපටය වන ‘ද රින්ග්’ චිත්රපටයද මෙවැනිම සාර්ථකත්වයක් ළඟා කර ගනු ඇති බවයි.