බොලිවුඩයේ 2021 මව්වරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2020 රට වසා තිබූ සමයේදී බොලිවුඞ් නිළියන් කිහිප දෙනෙකුම මව්වරු බවට පත් වූහ. 2021 දී මව්වරුන් වෙන්නට බලාපොරොත්තුවෙන් තවත් තරු කිහිපයක්ම සිටිති. 
මේ මෑතකදී විවාපත් වූ දියා මිර්සා මාල දිවයිනේ මධු සමය ගත කරද්දීම සිය ගැබිණි බව අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කර තිබිණි. 
ජනප්‍රිය ගායිකා ශ්‍රියා ඝෝෂාල් ද ගැබිණියකි. පුංචි ශ්‍රීයා මඟ එනවා අරුතැති ප්‍රකාශයක් සමඟ ඇය සිය ගැබිණි බව දැක්වෙන ඡායාරූප අන්තර්ජාලයේ පල කර තිබිණි. 
ක්වීන් චිත්‍රපටියෙන් රසික සිත ඇදබැඳ ගත් ලිසා හේඞ්න් ඇගේ සැමියා ඩිනෝ ලාල්වානි සහ දරුවන් දෙදෙනා ජීවත් වන්නේ හොංකොංවලය. ඇය සිය තුන් වන දරුවා ජූනි මාසයේදී බලාපොරොත්තු වන්නීය. නාන ඇඳුමින් සැරසී, මුහුදු වැල්ලක වැතිරී ඇය සිය පිරුණ කුස මොනවට ප්‍රදර්ශනය කෙරෙන ඡායාරූපයක් අන්තර්ජාලයේ සංසරණය වූයේය. 
ක්‍රිකට් ක්‍රිඩක හර්බජාන් සිං ගේ නිළි බිරිඳ ගීතා බස්රා ද ඇගේ දෙවන දරුවා බලාපොරොත්තුවෙන් සිටින්නීය. 

20210418Pregnent-1