බොලිවුඩය කොපි කරන හොලිවුඩය
සන්ජේ ගුප්තා විසින් අධ්‍යක්ෂණය කරන ලද, රිතික් රෝෂන් සහ යාමි ගෞතම් රංගනයෙන් දායක වූ 'කාබිල්' බොලිවුඩයේ සාර්ථක ආදායම් ලද චිත්‍රපටයක් බව බොහෝදෙනා දන්නා කරුණක්. මෙය 2017 වසරේ බොහෝ කතාබහට ලක්වූ චිත්‍රපටයක් බවද විශේෂයෙන් කිවයුතුයි. නැවත එම චිත්‍රපටය ගැන කතා කිරීමට මාතෘකාවක් වී ඇති බව ඉන්දියානු මාධ්‍ය පෙන්වා දෙනවා. ඒ මෙම චිත්‍රපටය නැවත හොලිවුඩයෙන් නිෂ්පාදනය කිරීමට සූදානම් වන නිසායි.
බොහෝවිට සිදුවන්නේ හොලිවුඩ් චිත්‍රපටයට සාපේක්ෂව බොලිවුඩ් චිත්‍රපටයක් බිහිවීමයි. නමුත් මෙවර එය වෙනස් වීමට ඉඩ ඇති බව සඳහන් වෙනවා. මේ පිළිබඳව කාබිල් අධ්‍යක්ෂක සන්ජේ ගුප්තාගෙන් විමසූ අවස්ථාවකදී ඔහු එය සනාථ කළ බවත් සඳහන් වෙනවා. %ෆොක්ස් ඉන්ටර්නැෂනල් ප්රඩක්ෂන්ස්^ සමාගමේ සභාපති තෝමස් ජෙගුඅස් මේ සම්බන්ධව සාකච්ඡා කර ඇති බවයි සන්ජේ පවසා ඇත්තේ. මෙම ව්‍යාපෘතිය තවමත් ප්‍රාථමික අවධියේ පවතින බවත්, ඉදිරියේදී වැඩි විස්තර කතා කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.