බොලිවුඞ් නිළියන් ගේ සුරතල්ලූ
බොලිවුඩයේ නිළියන් වැඩි දෙනෙක් සිය සුරතලූන් ලෙස තෝරාගෙන ඇත්තේ බල්ලන් හා පූසන්ය. ආලියා භාත් පි‍්‍රය කරන්නේ පූසන්ටය. කුඩා කල සිටම ඇය පූසන්ට පි‍්‍රය කළ බැව් ඇගේ වැඩිහිටියෝ පවසති. මේ වන විට ඇය සතුව සිටින පූස් සුරතලා ගේ නම එඞ්වර්ඞ්ය. විවේක ලැබෙන හැම අවස්ථාවක්ම ආලියා එඞ්වර්ඞ් සුරතල් කරන්නට යොදා ගන්නීය. ඇය ඌට දක්වන ආදරය පිළිබ`දව සාක්ෂි දරන්නේ ඇගේ සමාජ වෙබ් අඩවියයි. එහි එඞ්වර්ඞ් ගේ ඡුායාරූප රැුසක් දකින්නට ලැබේ.
අනුෂ්කා ශර්මා ගේ සුරතලා බල්ලෙකි. තමා ඩූඞ්ට දක්වන ආදරය ගැන කියන්නට ඇය කිසිම විටෙක ලැජ්ජා වෙන්නේ නැත.
‘‘විරාත් කෝලිටත් වැඩිය බල්ලට ආදරෙයි වගේ නේද..?’’
සමහරු එසේ අසද්දී ඇය සිනාසෙන්නීය.
නිව්යෝර්ක්වල සිටින පි‍්‍රයංකා චොප්රා සිය බලූ සුරතලිය ඩයනා කැටුව ඇවිදින්නට යන අන්දම පැපරාසීන්ගේ කැමරාවලට හසු වී තිබිණි. මව්බිමින් ඈත් වී සිටීමේ පාළුව මකා ගන්නට ඩයනා බොහෝ සෙයින් උදව් වන බැව් ඇය කියන්නීය.
ශ‍්‍රද්ධා කපූර්ගේ බලූ සුරතලාගේ නම ෂයිලෝය. තමාගේ හො`දම මිතුරා ඌ බැව් ඇය කියන්නීය. එහෙත් කාර්යබහුල ජීවිතයක් ගත කරන ඇයට ඌ වෙනුවෙන් ගත කරන්නට ඇත්තේ අල්ප කාලයකි. ඇය විවේකයෙන් සිටින වේලාවට ෂයිලෝ හැසිරෙන්නේ ඇය පසුපසමය.