බොබිට හොඳ චිත්රපටයක් ලැබිලා
සිවුවසරකට පසුව නැවතත් බොලිවුඩ් සිනාමවට පිවිසි බොබි ඩියොල් මේ දිනවල රේමෝ ඩී සූසාගේ ‘රේස්’ තුන්වැනි චිත්රපටයේ දකින්නට ලැබේ. කාලයක් බොලිවුඩ් සිනමාවේ සිහින කුමරා බවට පත්ව සිටි බොබි ඩියෙල් තරුණ නළුවන්ගේ පැමිණිමත් සමග බොලිවුඩ් චිත්රපටවලින් ඉවත් ව සිය පවුලේ නිෂ්පාදන සඳහා පමණක් සිය දායකත්වය ලබාදුන්නේය.
මෑතකදී එක්වූ පුවත්පත් සාකච්ඡාවකදී බොබි පවසා තිබුණේ කාලයකට පසුව තමා ඉතා හොඳ ඉහළ මට්ටමේ චිත්රපටයක් සඳහා දායක වු බවය. දැනට බොලිවුඩ් චිත්රපට 75කට වඩා වැඩි ප්රමාණයක් සඳහා රඟපා ඇති බොබි එම චිත්රපට අතරින් ඉහළම ආදායමක් උපයාගත් චිත්රපටය වී ඇත්තේ මේ දිනවල ප්රදර්ශනය වන ‘රේස්’ තුන්වැනි චිත්රපටය බව සඳහන් වේ.