බෙබෝගෙ බබා...
මිනිසුන් වැඩිපුරම පීඩා විඳින්නේ තමන්ගේ ගැටලූවලින් නොව අනුන්ගේ ගැටලූවලිනි. විශේෂයෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජීවිත හා සම්බන්ධ දේවලින් පීඩා විඳින අය මේ සමාජයේ බහුලය. ජනප්‍රිය නළු නිළියන්, ගායක ගායිකාවන් ගැන නිරතුරුවම ඔවුහු සෝදිසියෙන් සිටිති.
බෙබෝ යන සුරතල් නමින් හැඳින්වෙන කරීනා කපූර්ට ද මේ අවධානයෙන් ගැලවෙන්නට පුලූවන්කමක් නොවිණි. ඇය සිනමාවට පිවිසි දා පටන්ම ඇගේ විවාහය ගැන ඔවුහු උනන්දු වූහ. ඇගේ පෙම්වතුන් පිළිබඳව සැමියා පිළිබඳව දෙමව්පියන්වත් ඒ තරම් උනන්දුවෙන් සොයා බලන්නට නැත. ඇය සයිෆ් අලි ඛාන් සමග විවාහ වූවාට පසුව ඔවුන්ට දැන ගැනීමට වුවමනා වූයේ ඇය මවක් වන දවසය. දැන් ඒ බලාපොරොත්තුවත් ඉටු වී තිබේ. කරීනාගේ පුතු උපන්නේ දෙසැම්බර් 20 දා මුම්බායිහි බී්රඞ් කැන්ඩි රෝහලේදීය.
කරීනාත් ඇගේ අක්කා කරීෂ්මාත් දෙදෙනාටම සිටි වෛද්‍යවරයාම කරීනාගේ පුතු බිහි වෙද්දීත් ළඟ සිටීම විශේෂත්වයක් විණි. කොළ පැහැති ශල්‍යාගාර ඇඳුමකින් සැරසුණ සයිෆ් අලි ඛාන් ද දරුවා බිහි වෙන ආකාරය නරඹන්නට ප්‍රසූතිකාගාරයේ රැුඳීසිටියේය. ඔහු පුතු පිළිගත්තේ මහත් සෙනෙහසිනි.
ඔවුහු තායිමූර් අලි ඛාන් පතාවුඞ් ලෙසින් දරුවා නම් කළහ.
කරීනාගේ හොඳම මිතුරා කරන් ජෝහාර් විසින් දරුවාගේ උපත පිළිබඳව පළමුවෙන්ම මාධ්‍යවලට හෙළි කරනු ලැබිණි. ඒ මොහොතේ සිටම ඔවුනට ලැබුණු සුබ පැතුම් පණිවිඩ අනන්තය.
කපූර් පරම්පරාවේ අය සහ ඛාන් පවුලේ අය ලහි ලහියේ රෝහලට පැමිණියේ සිය පවුල්වලට පැමිණි අලූත්ම සාමාජිකයා දකිනු රිසියෙනි. කරීනාගේ දෙමව්පියන් වන රන්ධීර් කපූර් සහ බබිතා පැමිණියේ කරීෂ්මා කපූර්ද සමගය. නැන්දා රීමා ජෙයින් සහ අත්තම්මා ක්‍රිෂ්ණා රාජ් කපූර් ද ඒ සමගම පැමිණියහ. කරීනාගේ නැන්දම්මා ශර්මිලා තාගෝර් පැමිණියේ ඇගේ ¥වරු වන සබා, සෝහා සහ බෑණා කුනාල් කෙට්ටු සමගය.
දරුවාත් මවත් දෙදෙනාම බොහෝ සනීපයෙන් සිටි බැවින් පසුදාම ඔවුන්ට දරුවත් රැුගෙන නිවසට යාමට හැකි වූයේය. එදින ද ඔවුන්ට සුබ පතන්නට පවුලේ අය මිතුරු මිතුරියෝ, රසිකයෝ සැදී පැහැදී සිටියහ. අලූත්ම සාමාජිකයා නිවසට පැමිණීමේ සතුටට පුංචි සාදයක් ද පැවැත්විණි. රන්ධීර් කපූර් රෝහලේදී පැවසුවේ කපූර් පවුලේ සාම්ප්‍රදායික නත්තල් සාදයට කරීනා අනිවාර්යෙන්ම සහභාගි වෙන බවය. එය කරීනාගේ මුත්තණු ශෂී කපූර් විසින් ජුහු වල පිහිටි ඔහුගේ නිවසේ පවත්වනු ලබන උත්කර්ෂවත් සාදයකි. කපූර් පවුලේ අය එකට එකතු කිරීම මේ සාදයේ ප්‍රධානතම අරමුණය. එහෙත් අලූත් මව කරීනා කපූර් මෙවර සාදයට සහභාගි වූ බවක් දැන ගන්නට ලැබී තිබුණේ නැත.
”දරුවා ඉපදුණ දවසෙම කරීනා මාධ්‍යවේදීන්ගේ ඡුායාරූපවලට පෙනී සිටියා. ඒත් තවමත් ඇය විඩාබරයි. නත්තල් දවසේ තවත් ඡුායාරූප සංදර්ශනයකට ඉදිරිපත් වෙන්න ඇගේ කැමැත්තක් තිබුණේ නෑ...”
කරීනාගේ ප්‍රකාශකයෙක් එසේ කියා තිබුණි.
දැන් බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වී ඇත්තේ දරුවාගේ නමය. තායිමූර් නොගැළපෙන නමක් යයි ඔවුහු වාද කරති.
”රාම දෙවියන්ගේ නම තියෙන මිනිහෙක් නිදහස් ඉන්දියාවේ පළවෙනි ත්රස්තවාදියා වුණා කියලා අපි ඒ නම දරුවන්ට තියන්නෙ නැද්ද..? අශෝක අධිරාජයා තමන්ගේ සහෝදරයො 99 දෙනෙක් මැරුවා. කාලිංග සටනේදී මිනිස්සු ලක්ෂ ගාණක් මැරුවා. ඒත් අපි අශෝක නමට වෛර කරනවාද...? ඉතින් තායිමූර් නමේ තියෙන
වෙනස මොකක්ද..?”
සමහරු ප්‍රශ්න කරති. කවුරු මොනවා කිව්වත් ඒ නම වෙනස් කිරීමේ අදහසක් නම් අලූත් දෙමව්පියන්ට නැත.