බෙන් ඇෆ්ලොක් ආයත් මාට්ටු වෙලා
මේ වනවිට නීතියෙන් වෙන්ව යළිත් තනිකඩ ජිවිතියක් ගත කරමින් සිටින සුපිරි හොලිවුඩ් සිනමා නළු බෙන් ඇෆ්ලොක් (‘බැටිමෑන් චරිතයට පණ පොවන) යළිත් වරක් සිය හිටපු පෙම්වතිය වන ජෙනිෆර් ලොෆේස් සමග ඇමෙරිකාවේ මෙන්ටානා නගරයේ නිවාඩුවක් ගත කරමින් සිටි බවට තොරතුරු වර්තා වෙයි.
ඔවුන් දෙදෙනා එකට පෙනී සිටින ඡායාරූප කිහිපයක්ම මේ වනවිට අන්තර්ජාලයට නිකුත්ව තිබෙන අතර, බොහෝ දෙනෙකු පවසන්නේ බෙන් හා ජෙනිෆර් දෙදෙනා නැවත වතාවක් පෙම්වතුන් බවට පත්ව සිටින බවය. ජෙනිෆර් ලොෆේස් මීට මාසයකට පෙර සිය හත්වැනි සැමියා ගෙන්ද දික්කසාද විය.