බීබරුයි මායි යාළුවො විතරයි. ස්කොට් එක්ක දිගටම ඉන්නයි ප්ලෑන් එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-01-23-ent-107

කර්ට්නි කාඩෂියන් එක්ක ලවු කරන්න අමාරුයි කියල තමයි කතාව තියෙන්නෙ. ඇය ස්කොට් ඩිසික් එක්ක තියෙන සම්බන්ධය කිසිම නිශ්චිත බවක් නැතුව පැවතුණු එකක් වීමම ඒකට හොඳ උදාහරණයක්. ළමයි හදන්න උත්සාහ කරනවා, එහෙම නෑ කියනවා, සම්බන්ධෙ නැවතුණා කියනවා, නැවතුනා කිවුවට නැවතුනාම නෙමෙයි තාම තියෙනවා කියනවා වගේ සම්බන්ධයක් තමයි ඒක.

යූන්ස් බෙන්ජිමා කියන තරුණ නිරූපණ ශිල්පියා එක්කත් ඇයගේ තියෙන සම්බන්ධයක් ගැන කටකතා තියෙනවා වගේම, ඇය යළිත් ජස්ටින් බීබර් හා ලිංගිකව එක්වූ බව ප්‍රසිද්ධ වූ කරුණක්. 2015 අගදී සෙට් වෙලා නැවතුණු ඒ සම්බන්ධෙට යළි පණ ලැබිලා කියන එක දැන් නොදන්න දෙයක් නෙමෙයි. ඒත් කාඩෂියන් පවුලෙ ආරංචි කියන්නෙ නං ඒක මිතුරු කමකින් එහා දෙයක් නෙමෙයි කියලයි. එසේම කර්ට්නි තවමත් ස්කොට් සමග සතුටින් කල් ගෙවන බලාපොරොත්තුවෙන් සිටින බව නම් නොරහසක්.

බීබර්ට තාම විසි දෙකක් වුණාට කාඩෂියන්ට දැන් තිස්හතක්. ඒක සීරියස් සම්බන්ධයක් නෙමෙයි කියලයි කර්ට්නි නං කියන්නෙ.

 

රචින්ත ජයවර්ධන

 

2017-01-23-ent-108
2017-01-23-ent-106