බීබර්ට චීනයට යාම තහනම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-09-ent-28

ජස්ටින් බීබර්ගේ ගීත වඩාත් ප්‍රියකරන යොවුන් රසික රසිකාවියන් ලොව පුරා විසිරී සිටින බව අමුතුවෙන් කිවයුතු නැහැ. නමුත් ඇතැම් රටවල බලධාරීන් මේ යොවුන් ගායකයාගේ ක්‍රියාකාරකම් සඳහා වැඩි කැමැත්තක් නොදක්වන බව සඳහන් වන්නේ. මේ වන විට චීනයද ජස්ටින් බීබර් ප්‍රතික්ෂේප කරන රටක් බවට පත්වෙලා.

චීනයේ බීජිං නුවර පිහිටි සංස්කෘතික කටයුතු පිළිබඳ නාගරික කාර්යාංශය නිවේදනය කර ඇත්තේ බීබර්ව පිළිගැනීමට එරට රජය සූදානම් නැති බවයි. ඔහුගේ ‘%නරක හැසිරීම්’ එයට හේතුවී ඇති බවයි එම බලධාරීන් පවසා ඇත්තේ. මේ සුපිරි ගායන තරුව 2013 දී චීනයේ ප්‍රසංග කිහිපයක් පැවැත්වූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලබනවා.

චීන සංස්කෘතික කටයුතු කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බීබර්ට යළි චීනයට පැමිණීමට අවශ්‍ය නම් ඔහු හැදියාව අතින් පෙරට වඩා ඉදිරියට ගොස් තිබිය යුතු බවයි. චීන ප්‍රසංග කලාව අපිරිසුදු නොකිරීමේ පියවරක් වශයෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.