බීබර්ගේ විවාහයට ප්‍රශ්නයක්
හේලි බෝල්ඩ්වින් සමග ජස්ටින් බීබර් විවාහ ගිවිස ගත්තත්, ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල උත්සවය මෙතෙක් පවත්වා නැත. විවාහ වීමට ප්‍රථමයෙන් කළ යුතු නීතිමය කටයුත්තක් තිබේ. ඒ, බීබර්ගේ පුරවැසි ප්‍රශ්නය විසඳා ගැනීමය. බීබර්ගේ මවුරට කැනඩාව වන අතර, හේලිගේ මවුරට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. බීබර්ට අවශ්‍ය වී ඇත්තේ ඇමෙරිකාවේ පදිංචි වීමටය. පසුගියදා ඔහු ඇමෙරිකාවේ සහ කැනඩාවේ වාසය කිරීමට අවශ්‍ය වන ද්විත්ව පුරවැසිකම ඉල්ලා තිබේ. මේ පුරවැසි ප්‍රශ්නය විසඳුණු පසුව මංගල උත්සවය පවත්වන බව බීබර් පවසා ඇත.