බීබර්ගේ ගුටි කෙලියෙන් තුවාල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-09-ent-26

ජස්ටින් බීබර් කියන්නේ ගායන තරුවක් වුවත් ඔහුගේ ඇතැම් ක්‍රියා පිළිබඳව නම් කවුරුත් ඉන්නේ කනස්සල්ලෙන්. පසුගියදා ඇති වූ ආරවුලක් දුරදිග ගොස් පොලිස් කණ්ඩායම් පැමිණීමෙන් පසුවයි එය සමතයට පත්ව තිබෙන්නේ. ලොස් ඇන්ජලීස් නුවර ප්‍රාදේශීය පොලිස් දෙපාර්තමේන්තුවට ලැබුණු දුරකථන පණිවුඩය ඔස්සේ සෙරෆිනා රෙස්ටුරට් සඳහා පැමිණී ඔවුන්ට සිදුවුණේ විශාල රණ්ඩුවක් සමතයකට පත් කිරීමටයි. ඉන්පසු ඒ සඳහා පරීක්ෂණයන් පවත්වනු ලබන බවද සඳහන් වෙයි.

එම අවන්හලට පැමිණි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු සහ සුපිරි ගායක ජස්ටින් බීබර් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ මිතුරන් මෙන්ම ජස්ටින් බීබර් සමග එම අවන්හලට පැමිණි මිතුරන් අතර විශාල ගැටුමක් ඇතිව තිබේ. යම්කිසි වචන හුවමාරුවක් මෙලෙස දුරදිග ගොස් ඇති අතර, එය රණ්ඩුවකින් අවසන් වී තිබේ. එහි සේවය කරන සේවයක් පොලීසිය සඳහා කටඋත්තර ලබා දී ඇත්තේ ජස්ටින් බීබර් මෙම අවන්හලට නිරන්ත වශයෙන් පැමිණෙන අතර, මෙවැනි සිදුවීම් අනන්තවත් සිදුවන බවයි. නමුත් මෙම ප්‍රශ්නය මෙතරම් දුරදිග යාවි කියා කවුරුත් සිතුවේ නැති බවයි. කෙසේ නමුත් පොලීසියේ මැදිහත් වීමෙන් මෙලෙස මෙම රණ්ඩුව නතර කරනු ලැබූවත් ජස්ටින් හට සුළු තුවාල ඇති වූ බවද සඳහන් වෙයි.