බීබර්ගේ ඉන්දියානු ප්‍රසංගයට නටන්න යන සෝනක්ෂි
රංගනයටත්, නර්තනයටත් හපන්කම් පාන ජනප්‍රිය නිළි සොනාක්ෂි සිංග් බොලිවුඩ් පුරයේදී හොලිවුඩ් ගායන ශිල්පියකු සමග එකම වේදිකාවේ නර්තන විලාසයන් ඉදිරිපත් කරන්නට සූදානම් වන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි. ඒ ලොව පුරා යොවුන් රසික කැළ උන්මාදයට පත්කළ ජස්ටින් බීබර් සමගයි. එලෙස නර්තන අංගයන් ඉදිරිපත් කරන්නේ, මුම්බායි නුවර මැයි 10දා පැවැත්වෙන ප්‍රසංගයේදීය. මේ ප්රසංගයේදී සොනක්ෂි සඳහා බීබර් පෞද්ගලිකව ආරාධනා කර ඇති බවටද කියවෙයි. මෙයට හේතුව ලෙස සඳහන් වන්නේ සෝනක්ෂිගේ කැමතිම ගායකයා බීබර් වීමයි. මේ සඳහා ඇය අනිවාර්යෙන්ම දායක වන බවද සඳහන් වෙයි. මෙදිනට යම්කිසි කාර්යයක් යෙදුණහොත් කුමන පාඩුවක් වුවත් ඇය එම ප්‍රසංගය අත් නොහරින බවටද සඳහන් වේ. සොනක්ෂි බීබර්ගේ ප්‍රසංගයට සහභාගි වන බව එම ප්‍රසංගය සංවිධානය කරන වයිට් ෆොක්ස් ඉන්ඩියා ආයතනයේ අධ්යක්ෂ අරුන් ජායින් ද තහවුරු කර ඇතැයි ඉන්දියානු මාධ්‍ය සඳහන් කරයි.