බීබර්ගේ අලුත් පෙම්වතිය බාස්කින්?
ජස්ටින් බීබර් යනු දිනෙන් දින පුවත් මවන කෙනෙකු බව බොහෝ දෙනා දන්නා කාරණාවක්. ඔහුට ලැබී තිබෙන ජනප්‍රියත්වය හේතුවෙන් ඔහු පිළිබඳව බොහෝ දෙනා අවධානයෙන් පසු වන්නේ ඔහු පිළිබඳව විවිධ පුවත් වාර්ත කිරීම සඳහාය. මේ කාරණාව හේතුවෙන් විදෙස් මාධ්‍ය සඳහා නම් ඔහු පිළිබඳ දිනකට බොහෝ දේ වාර්තා කරනු ලබයි. මේ දිනවල ඔහු පිළිබඳව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනු ලබන්නේ ඔහු අලුත්ම පෙමක පැටලී ඇති බවයි. ඒ ඇමෙරිකානු නිරූපණ ශිල්පිනියක් වන බාස්කින් චැම්පියන් සමගයි. ලාබාල වයසේ පසුවන ඇය මේ දිනවල වැඩි වශයෙන් කාලය ගත කරනු ලබන්නේ බීබර් සමගය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. 2014 වසරේ Teen USA කිරූළ හිමිකරගත් ඇය විලාසිතා නිරූපිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත් වන්නේ එම වසරේදීය. කාලීන පෙම්වතෙකු ලෙස බොහෝ දෙනා හඳුන්වන බීබර්ගේ නවතම පෙම්වතිය මැය විය හැකි බවත් බොහෝ දෙනා සැක පහල කරයි.