බීබර් සහ සෙලීනාට මවගෙන් ආශිර්වාදය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-05-ent-74

ජස්ටින් බීබර් සහ සෙලීනා ගෝමස් අතර ඇති ආදර සම්බන්ධය කාලෙන් කාලෙට අලුත් වන බව කවුරුත් දන්නා කාරණාවක්. ඔවුන් දෙදෙනා විරසක වී නැවත ඇතිවෙන ආදර සම්බන්ධයට අලුත් දෙයක් එකතු වෙයි. අවුරුද්දක් පමණ විරසකව සිටි ඔවුන් දෙදෙනා නැවත පෙමින් ආදරය කරන බව මේ දිනවල පුවතයි. මේ සම්බන්ධය පිළිබඳව දැන ගත් බීබර්ගේ මව වන පැටී මැලෙට් සතුටට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇය පවසා ඇත්තේ මෙම සම්බන්ධය ගැන විස්තර නොදන්නේ බීබර් තමන්ට ඒ බව පවසන්නේ නැති නිසා බවයි. නමුත් ඇය සෙලීනාට ආදරෙයි යනුවෙන් පවසා තිබෙනවා. සෙලීනා සහ ඇය අතර සුහදත්වයක් තියෙන බවත් ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා. ඒ කාරණාවන් නිසා බොහෝ දෙනෙකු පවසන්නේ බීබර් සහ සෙලීනාගේ සම්බන්ධයට මවගේ ආශිර්වාදය ලැබී ඇති බවයි.