බීබර් සහ සෙලීනා නැවතත් එකට
ජනප්‍රිය පොප් ගායක ජස්ටින් බීබර්ගේ බොහෝ කාලයක් පෙම්වතියක්ව සිටි අතර, ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය 2013 වසරේ නතරවූවා. ඉන්පසු සෙලීනා හට පෙම්වතුන් කිහිප දෙනෙකු සිටි බවත්, ජස්ටින් බීබර්ත් තවත් පෙම්වතියන් ඇසුරු කල බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලැබුවා. මේවනවිට හොලිවුඩයේ වාර්තා වෙන අලුත්ම පුවත වන්නේ කලකට ඉහතදී වෙන්වූ ඔවුන් දෙදෙනා නැවත පෙමින් වෙලෙන බවයි. එයට හේතුව වන්නේ ලෝස් ඇන්ජලීස් නුවර වෙත මොවුන් දෙදෙනා නිවාඩුවක් ගත කිරීමට ගොස් සිටීමයි. මේ පුවත පිළිබඳව කිසිඳු අදහස් මොවුන් දෙදෙනා පවසා නොමැති බවත් සඳහන් වෙනවා.