බිරිය වෙනුවෙන් නඩු කියන චක් නොරිස්
සිනමාලෝලීන්ට චක් නොරිස් යන නාමය අමතක නොවේ. ක්‍රියාදාම චිත්‍රපට වල මූලික පුරුකක් ලෙස හඳුන්වන ඔහු මේ කාලයේ ගත කරනු ලබන්නේ ඉතාමත් නිහඬවයි. ඔහු සිනමාවෙන් ඉවත් වූයේ මීට බොහෝ කාලයකට පෙරයි. ඒ සඳහා විශේෂ හේතුවක් වේ. ඒ ඔහුගේ බිරිඳයි. ඇය දැඩි අසනීප තත්ත්වයකින් පසුවන බැවින් චක් නොරිස් ඇය වෙනුවෙන් කාලය කැපකිරීමට මෙලෙස සිනමාවට සමු දී තිබේ.
පසුගියදා ඔහු විසින් එක්තරා ඖෂධ සහ වෛද්‍ය උපකරණ සැපයීමේ සමාගමකට එරෙහිව නඩුවක්ද ගොනුකර තිබිණ. ඒ, එම සමාගම විසින් සපයන ලද එම්.ආර්.අයි. ස්කෑන් කිරීමකට යොදාගත් රසායනික ද්‍රව්‍යයකින් තම බිරියගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසාය. නඩුව පවරමින් චක් නොරිස් ප්‍රකාශ කළේ තම බිරියගේ රෝගී තත්ත්වය වෙනුවෙන් කළ එම ස්කෑන් කිරීමේදී ඇගේ සිරුරට දැඩි වේදනාවක් ඇතිවී හුස්ම ගැනීමට අපහසු වූ බවයි. මේ නිසා ඇයව වහාම රෝහල්ගත කිරීමට සිදුවූ බවද නොරිස් පැවසීය.