බියර් සඳහා යෝනි ශ්‍රාවය දෙන නිරූපිකාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

  2017-03-09-ent-103

2017-03-09-ent-101ලෝකයේ සකස් කරන ලද පැරුණිතම පාන වර්ග වලින් එකක් තමයි බියර්. මුලින්ම බියර් නිපදවීම ධාන්‍ය වගා කිරීම ඇරඹූ ක්‍රි.පූ 9500 පමණ කාලය දක්වා අතීතයට ඇදී යන බැව් විශ්වාස කරනවා. බියර් සම්බන්ධව ලිඛිත සාධක පැරුණි ඉරාක හා පැරුණි ඊජිප්තු ශිෂ්ඨාචාරවලින්ද හමු වෙනවා. මේ හදිස්සියේ අපි බියර් ගැන කියන්න හදන්නේ ඇයි කියලා ඔයාට හිතෙන්න පුළුවන්. එක එක රස බියර් අතරට අලුත් අලුත් අලුත්ම දේවල් හොයාගෙන යන ලෝකය අලුත්ම රසයේ බියර් එකක් අරන් ඇවිත්. මේ බියර් එකට බොහෝම ඉහළ පිරිමි ආකර්ෂණයක් ලැබෙයි කියලා විශ්වාස කරන්නේ මේ බියර් හදන්නේ කාන්තාවන්ගේ යෝනි ශ්‍රාවයෙන් හින්දා. යෝනි ශ්‍රාවයේ සුවඳ හෝ රසය බියර් බොද්දි නොදැණුනත් ඒ බියර් එකේ හරිම ආකර්ෂණීය රසයක් හා සුවඳක් තිබෙනවලු.

බියර් පිළිබඳ අලුතින්ම ගොඩ නැගූ කතිකාවත වන්නේත් නෙදර්ලන්ත බීර නිෂ්පාදන ආයතනයක් විසින් කාන්තා යෝනි ශ්‍රාවය යොදා ගනිමින් කළ මේ බියර් නිෂ්පාදනයයි. යෝනි ශ්‍රාවයේ අඩංගු ඊස්ට්‍රජන් මගින් Lactic Acid වෙන් කර ගැනීමට හැකිවීමත් එය තාක්ෂණය මගින් වර්ධනය කරගැනීමට හැකි වීමත් නිසා බීර නිෂ්පාදනයට අවශ්‍ය මූලික රසායනිකය නිපදවාගත හැකියි. ඉතා දියුණු තාක්ෂණය භාවිත කරමින් සියලු පර්යේෂණ සිදුකර ඊට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමෙන් පසුව නිෂ්පාදනය එළිදක්වා තියෙනවා. යෝනි ශ්‍රාව බෝතල්වල ගබඩා කර තබාගැනීම මඟින් තමා බියර් හදන්නේ. මෙහිදි යෝනි ශ්‍රාව නාරියවේදීය ස්ටික් එකක් මගින් එකතු කරනු ලබයි. මේවායින් රසායනාගාරයේදී Lactic Acid සම්පූර්ණයෙන්ම වෙන් කර පිරිසිදු කරනවා. ඉන්පසු මෙම බැක්ටීරියාව මුහුම් කරන ආරම්භක කට්ටලයක බහා එයට පිරිසිදු ජලය, මෝල්ට්, බීර මල්, පොතු හා යීස්ට් එකතු කරනවා. එංගලන්තයේ පවත්වන ජාත්‍යන්තර බීර ප්‍රදර්ශනය සඳහාත් මෙය ඉදිරිපත් කරලා. ලොව නන් දෙසින් මෙම බීර නිෂ්පාදනය සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවලු.

මෙම නිෂ්පාදනය සඳහා ඔවුන් යෝනි ශ්‍රාව ලබාගන්නේ ලොව ප්‍රකට රූමත් නිරූපණ ශිල්පිනියන්යක්ගෙන්. මේ නිසාම නිෂ්පාදනයට ඇති ඉල්ලුම වැඩියිලු. චෙකොස්ලොවැකියානු නිරෑපණ ශිල්පිනියක වන Alexandra Brendlova ගේ යෝනි ශ්‍රාව යොදා ගෙනයි මුලින්ම මේ බීර නිපදවුයේ. මෙම පානයේ යෝනි ශ්‍රාව සුවඳක් හෝ රසයක් නැතත් ආකර්ෂනීය සුවඳක් හා මිහිරි රසයක් ඇති බව පානය කළ අය කියනවා.

 

2017-03-09-ent-102