බිපාෂාගේ සරල උපන්දින සැමරුම
බොලිවුඩ් සරාගී නිළි බිපාෂා බාසු පසුගිය කාලයේ සිට ඉතාමත් නිහඬව කල් ගෙවන්නීය. ඒ ඇයගේ විවාහයෙන් පසුව රඟපෑම් කටයුතු සඳහා තාවකාලිකව සමුගත් බැවිනි. රංගන කටයුතුවලට පමණක් නොව, ඇය මාධ්‍ය ජීවිතයටද තාවකාලිකව සමුදුන්නාය. එහෙත් පසුගියදා සිදු වූ සිදුවීමක් හේතුවෙන් ඇය ගැන පුවත් මැවෙන්න මේ වනවිට පටන් අරන් ගෙන ඇත.
ඒ ඇයගේ උපන්දින සැමරුම නිසාය. බොහෝ විට බිපාෂා සිය උපන්දින සැමරුම් මහත් ඉහළින් ගත් තැනැත්තියකි. එහෙත්, මෙවර ඇය උපන්දින සාදය නිහඬව ගෙන තිබුණි. ඒ ඇයගේ සැමියා සමගය. මේ කාරණාව ඇයගේ සැමියා විසින් ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කිරීමත් සමග බොහෝ දෙනාගේ අවධානය එයට යොමුව තිබේ.